Everything About Planet Mars - අගහරු ග්‍රහයා ගැන ඔබ දැනගත යුතු සියලුම දේ

අඟහරු ග්‍රහලොව, සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහයන්ගෙන් සූර්යයාගේ සිට හතරවැන්නා වේ. එයට රතු ග්‍රහයා යන නම භාවිතා වන්නේ පෘථිවියේ සිට බලන කල එය රතු පැහැයෙන් දිස්වන බැවිනි. මාස් (Mars) යන ‍ඉංග්‍රීසි නාමය එයට ලැබී ඇත්තේ යුද්ධයට අධිපති රෝම දෙවිවරයා සිහිපත් කරමිනි.
අඟහරු ග්‍රහයා තුනී වායුගෝලයක් සහිත ‍භෞමික ග්‍රහයෙකු වන අතර චන්ද්‍රයාගේ දක්නට ඇති ගැටීම් නිසා ඇති වූ ආවාට සහ පෘථිවියේ දක්නට ඇති ගිනි කඳු, තැනිතලා, කාන්තාර සහ ධ්‍රැවවල ඇති අයිස් තොප්පිවල නෂ්ඨාවශේෂ අඟහරු පෘෂ්ඨය මතද දක්නට ලැබේ. සෞරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද ලෙස දැනට හඳුනාගෙන ඇති ඔලිම්පස් මොන්ස් කන්ද පිහිටා ඇත්තේ අඟහරු ග්‍රහයාගේ ය. තවද ‍විශාලතම අගාධය වන වැලිස් මැරියිනරීස් ද පිහිටා ඇත්තේ මෙහිය. මෙම භූගෝලීය ලක්ෂණ හැරුණු කොට අඟහරුගේ භ්‍රමණ කාලය සහ දේශගුණික සෘතු රටාවද පෘථිවියට සමානය.
1965 දී මැරිනර් 4 යානය අඟහරු අසලින් ගමන් ගන්නා තුරුම අඟහරු ග්‍රහ පෘෂ්ඨය මත ද්‍රව ජලය ඇති බව අනුමාන කෙරුණි. මෙම අනුමානය පදනම් වුයේ විශේෂයෙන් ම ධ්‍රැවාශිත අක්ෂාංශ වල දක්නට ලැබුණු අඳුරු සහ ලා පැහැති පැල්ලම් හේතුවෙනි. මෙම පැල්ලම් සමුද්‍ර සහ අර්ධද්වීප ලෙස පෙනී ගිය අතර අඳුරු පැහැති ඉරි, ඇතැම් නිරීක්ෂකයින් විසින් අර්ථකථනය කළේ ද්‍රව ජලය සහිත ජල මාර්ග ලෙසය. කෙසේ නමුත් පසු කලක මෙවැනි අඳුරු ඉරි දෘෂ්ටි මායාවක් ලෙසට පැහැදිලි කෙරුණි. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතුරින් පෘථිවියේ හැරුණු විට ද්‍රව ජලය සහ ජීවය හමුවන්නට වඩාත් ම ඉඩ කඩ ඇත්තේ අඟහරු ග්‍රහයා මතය.
අඟහරු ග්‍රහයා වටා මේවන විට ක්‍රියාකාරී අභ්‍යාවකාශ යානා තුනක් කක්ෂ ගත කොට ඇත. මාර්ස් ඔඩිසිමාර්ස් එක්ස්ප්‍රස් සහ මාර්ස් රෙකොනයිසන්ස් ඕබිටර් ‍එම යානා තුනයි.
සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් අතුරින් පෘථිවියට පසු වැඩිම යානා ගණනක් කක්ෂ ගත වී ඇත්තේ අඟහරු වටාය. තවද ස්පිරිට් සහ ඕපර්ච්නිටි නමැති අඟහරු ගවේෂණ ‍යානා දෙකක් ද එහි පෘෂ්ඨය මත තිබේ. මේවායින් ලබා ගන්නා භූගෝලීය සාක්ෂි වලින් යෝජනා වන්නේ අඟහරු ග්‍රහයා මින් පෙර විශාල ලෙස ජලයෙන් වැසී තිබෙන්නට ඇති බවත් මෑත කාලයේ දී කුඩා ජල දහරා ඒ මත ඇති වී තිබෙන බවත් ය.NASA (නාසා) ආයතනයේ අඟහරු විශ්ව ගවේෂණය මඟින් පෙනීගොස් ඇත්තේ දකුණු ධ්‍රැවයේ කොටසක ඇති ‍අයිස් තට්ටු අඩු වෙමින් පවතින බවය.
අඟහරු ග්‍රහයා සතුව ෆෝබොස් සහ ඩෙයිමෝස් නමින් චන්ද්‍රයන් දෙදෙනෙක් සිටී. මේවා අඟහරු වෙත හසුවුනු ග්‍රහකයන් විය හැකිය. පෘථිවියේ සිට පියවි ඇසින් අඟහරු ග්‍රහයා දැකගත හැකි අතර එහි විශාලත්වය 2.9 ක් වේ. එහි දීප්තිමත් බව දෙවැනි වන්නේ සිකුරු ග්‍රහයාට, චන්ද්‍රයාට සහ සූර්යයාට පමණි. කෙසේ නමුත් බොහෝ අවස්ථාවල දී බ්‍රහස්පති ග්‍රහයා අඟහරුට වඩා දීප්තිමත්ව පියවි ඇසට දිස් වේ.

භෞතික ලක්ෂණ 

කක්ෂීය නිරීක්ෂණ හා අඟහරු උල්කාෂ්ම පරීක්ෂණ ප්‍රතිඵල අනුව, අඟහරුගේ පෘෂ්ඨයේ මූලික සංයුතිය වී ඇත්තේ බැසෝල්ට්වලින් බව පැහැදිලිය. අඟහරු පෘෂ්ඨයේ කොටසක් සාමාන්‍ය බැසෝල්ට්වලට වඩා සිලිකාවලින් පොහොසත් බව සමහර සාක්ෂිවලින් ඉඟි කෙරෙන අතර පෘථිවියේ ඇන්ඩසයිට් පාෂාණවලට සමාන වීමට ඉඩ ඇත. කෙසේ වුව ද මෙම නිරීක්ෂණ සිලිකා වීදුරු මඟින් ද පැහැදිලි කළ හැක. පෘෂ්ඨයෙන් විශාල කොටසක් ටැල්කම් කුඩු ගහන අයන් (III) ඔක්සයිඩ්වලින් ආවරණය වී ඇත.


Noachian යුගය - (Noachis Terra ගේ නමින් උපුටා ගනිමින්) : අඟහරුගේ විද්‍යාමාන පෘෂ්ඨවලින් පැරණිතම ආකාරය, (අවු: බිලියන 3.8 පෙර කාලයේ සිට අවු: බිලියන 3.5 පෙර දක්වා ) Noachian යුගයේ පෘෂ්ඨය බොහෝ විශාල ගිනි කඳු මුඛ මඟින් පලුදු වී ඇත. නෙරා ගිය Tharsis ඉහළ ගිනිකඳු භූමිය මෙම කාලයේ දී සකස් වී ඇති බවට විශ්වාස කෙරෙන අතර ඒ සමඟම යුගයේ අවසාන කාලයේ දී විශාල ද්‍රව ජලය ගැල්මක් ද සහිත වූ බවට සැක කෙරේ.අඟහරු නිසඟ චුම්භක ක්ෂේත්‍රයක් නොමැති වුව ද ග්‍රහලොවේ පෘෂ්ඨයේ සමහර ‍ෙකාටස් චුම්භකත්වයකට ලක්වී ඇති බව නිරීක්ෂණයට ලක් වී ඇති අතර මෙම විකල්ප ධ්‍රැවනය නිසා එහි ද්වී ධ්‍රැව මඟින් ඇති කෙරෙන ක්ෂේත්‍රය වෙනසකට ලක් වී ඇත. මෙම පාෂාණවල පෘථිවි සාගර පත්ලෙන් හමු වූ ප්‍රත්‍යාවර්ත තීරු (alternating bands ) වලට බොහෝ සමාන ලක්ෂණ ඇත. 1999 දී ප්‍රකාශයට පත්කෙරුණු 2005 ඔක්තෝබර් හි දී නැවත අධ්‍යයනට ලක් කෙරුණු එක් සිද්ධාන්තයකින් කියැවෙන්නේ (Mars Global Surveyor හි උදව් සහිතව) මෙම තීරු මඟින් ග්‍රහ ඩයිනමෝව ක්‍රියා විරහිත වී එහි චුම්භක ක්ෂේත්‍රය තුනී වී යාමට පෙර (අවු : බිලියන 4කට පෙර) අඟහරු මත තිබූ භුචලන තැටි ආදර්ශනය කෙරෙන බවයි. ග්‍රහලොවේ වර්තමාන අභ්‍යන්තර පිළබඳ ආකෘති මඟින් කිලෝ මීටර් 1480 පමණ අරයකින් යුක්ත හරයක් දක්වයි. ඒ 14% - 17% පමණ සල්ෆර් හා යකඩ සහිතවය. මෙම අයන් සල්ෆයිඩ් හරය කොටසක් තරල වශයෙන් පවතින අතර මෙහි වඩා සැහැල්ලු මූලද්‍රව්‍යවල සාන්ද්‍රණය පෘථිවි හරයේ මෙන් දෙගුණයක් පමණ වේ. මෙම හරය අතීතයේ බොහෝ භූචලන හා ගිනි කඳු ක්‍රියාකාරකම්වලට හේතු වූ,  දැන් අක්‍රියව පවතින සිලිකේට් වැස්මකින් ආවරණය වී ඇත. ග්‍රහලොවේ පි‍ටපොත්තේ මධ්‍යන්‍ය ඝනකම 50 km පමණ වන අතර එහි වැඩිම ඝනකම 125 km පමණ වේ. 40 km පමණ මධ්‍යන්‍ය පිට ඝනකමක් ඇති පෘථිවියේ පිට පොත්ත, ග්‍රහලෝකයන්හි ප්‍රමාණයන්ට සාපේක්ෂව බලන කල්හි අඟහරුගේ පිටපොත්ත මෙන් 3 ගුණයක් පමණ ඝනකම්ය. අඟහරුගේ භූගර්භ ඉතිහාසය කාල පරිච්ඡේද බොහෝ ගණනකට බෙදිය හැකි වුව ද පහත දැක්වෙන්නේ ප්‍රධාන ඒවායි.

  • Hesperian යුගය - (Hesperia Planum ගෙන් උපුටා ගනිමින්) : (අවු: බිලියන 3.5 පෙර සිට අවු: බිලියන 1.8 ක් පෙර කල දක්වා ) Hesperia යුගය විශාල ලාවා භූමි සකස් වීම් මඟින් සලකුණු වී ඇත

  • Amazonian යුගය - (Amazonis Planitia ගෙන් උපුටා ගනිමින්) : (අවු බිලියන 1.8 සිට වර්තමාන‍ය දක්වා ) Amazonian ප්‍රදේශවල උල්කාෂ්ම ගැටීම් නිසා ඇති වූ විවර හැරෙන්නට තරමක විවිධත්වයක් දක්වයි. අඟහරු මත විවිධ ප්‍රදේශවල ලාවා ගැලීම් සමඟම Olympus Mons නිර්මාණය වූයේ ද මෙම කාල පරිච්ඡේයේය

වායු ගෝලය 

අවුරුදු බිලියන 4කට පෙර එහි චුම්බකගෝලය අඟහරු හට අහිමි වූ අතර එම නිසා සූර්ය සුළං කෙලින්ම අඟහරු අයන ගෝලයට බැලපෑම් ඇති කරයි. මෙම ක්‍රියාවලිය බාහිර ස්ථරයෙන් පරමාණු ඉවත් කරමින් වායුගෝලය වඩාත් තුනී බවට පත් කර ඇත. මෙම අයනීකරණය වූ වායුගෝලීය අංශු අඟහරු පිටුපසින් ඇදී යනු Mars Global Surveyor හා Mars Express යන 2ම මඟින් අනාවරණය කරගන්නා ලදී. අඟහරුගේ වායුගෝලය දැන් සාපේක්ෂව ඉතා තුනීව පවතී. ඔලිම්පස් මොන්ස් සිට හෙලාස් ප්ලැනිෂියාහි අභ්‍යන්තරය දක්වා පෘෂ්ඨය මත වායු ගෝල‍ පීඩනය 30 Pa (0.03 kPa) සිට 1155 Pa (1.155 kPa) දක්වා වෙනස් වේ. අඟහරුගේ මධ්‍යන්‍ය පෘෂ්ඨ වායුගෝල පීඩනය 600 Pa (0.6 kPa) පමණ වේ. මෙය පෘථිවි පෘෂ්ඨ වායුගෝල පීඩනයෙන් (101.3 kPa) සියයෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයකි. අඟහරුගේ මධ්‍යන්‍ය පෘෂ්ඨ වායුගෝල පීඩනය පෘථිවි පෘෂ්ඨයෙන් 35 km ඉහළ පවතින පීඩනයට සමාන වෙයි. වායුගෝලයේ පරිමානීය උස, 11 පමණ, පෘථිවියට වඩා වැඩි අතර (6 km) මෙයට හේතුව අඩු ගුරුත්වයයි. අඟහරුගේ වායුගෝලයේ 95% කාබන් ඩයොක්සයිඩ්, 3% නයිට්‍රජන්, 1.6% ආගන් හා ඔක්සිජන්, ජලය අංශු මාත්‍ර වශයෙන් පවතී. වායුගෝලය දුහුවිලි සහිත වන අතර 1.5 µm පමණ විශ්කම්භයක් ඇති අංශුවලින් ගහනය. මෙම නිසා පෘෂ්ඨයේ සිට බලන කළ අඟහරු අහසට දුඹුරු වර්ණයක් ලැබී ඇත.අඟහරු වායුගෝලයේ පරිමාව අනුව 10 ppb(අංශු බිලියනයට) සාන්ද්‍රණයක් සහිතව මෙතේන් පවතින බවට සමහර පරීක්ෂකයන් ප්‍රකාශ කරති. 

මෙතේන් පාරජම්බුල කිරණ මගින් බිඳ වැටෙන, ආකෘතික වශයෙන් අවුරුදු 340 ක් අඟහරු වායුගෝලයේ ජීව කාලයක් පවතින, අස්ථායී වායුවක් නිසා එහි පැවැත්ම ග්‍රහලොව මත වර්තමාන හෝ මෑත කාලීන ප්‍රභවයක් පිළිබඳ ඉඟි කරයි. ගිනි කඳු ක්‍රියාකාරකම්, ධූමකේතු ගැටීම් හා මෙතේන් නිපදවන ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම මෙලෙස පැවතිය හැකි ප්‍රභවයන්ය. පසු කාලීනව අඟහරු මත බහුලව ඇති ඛනිජමය ඔලිවයින්, කාබන් ඩයොක්සයිඩ් හා ජලය එක්ව සිදුවිය හැකි ජීව විද්‍යාත්මක නොවන සංසිද්ධියක් වන “සර්පන්ටයින්කරණය” නම් ක්‍රියාවලිය මගින් ද මෙතේන් නිපදවෙන බව පෙන්වා දෙන ලදී. ධ්‍රැව ශීත කාලවලදී මෙය දිගු අඳුරක පවතින අතර පෘෂ්ඨය සීතල කරමින් මුළු වායුගෝලයෙන් 25-30% පමණ ඝන CO2 (වියළි අයිස්) ඵලක බවට මිදීමට ලක්වේ. ධ්‍රැවය සූර්යාලෝකයට නැවත නිරාවරණය වූ පසු මිදුණු CO2 ඌර්ධවපාතනය වී ධ්‍රැව හරහා 400 km/h වේගයෙන් හමායන වේගවත් සුළං ඇති කරයි. මෙම සෘතුමය ක්‍රියාකාරකම් දූවිලි හා ජල වාෂ්ප විශාල ප්‍රමාණවලින් ප්‍රවාහනයකට ලක් කරන අතර පෘථිවියේ මෙන් තුෂාර හා කෙඳි වළාකුළු ඇති කරයි. ජල අයිස්වලින් සැදුම් ලත් වළාකුළු 2004 ඔපචුනිටි රෝවරය මගින් ඡායාරූපගත කරන ලදී.


අගහරුගේ කක්ෂය හා භ්‍රමණය 

අඟහරුගේ සිට සූර්යයාට සාමාන්‍ය දුර දළ වශයෙන් කිලෝමීටර මිලියන 230 ක් වන අතර එහි කක්ෂගත වීමේ කාලය පෘථිවි දින 687 ක් වේ. අඟහරුගේ සූර්ය දිනයක් පැය 24 මිනිත්තු 39 තත්පර 35.244 ක් වන බැවින් එය පෘථිවියේ සූර්ය දිනයකට වඩා වැඩි වන්නේ සුළු වශයෙනි. අඟහරුගේ වසරක් පාථිවි වර්ෂ 1.8809 කට නැතිනම් වසරක් දින 320 ක් සහ පැය 18.2 කට සමාන වේ.
අඟහරුගේ අක්ෂයෙහි අංශක 25.19 ක ආනතියක් ඇති අතර එය පෘථිවි අක්ෂයේ ආනතියට ආසන්න වශයෙන් සමාන වේ. එහි ප්‍රතිඵලයක් ලෙස අඟහරු ග්‍රහයාගේ ද පෘථිවියේ මෙන් සෘතු දක්නට ලැබෙන අතර අඟහරු ග්‍රහයාගේ වර්ෂය පෘථිවි වර්ෂයට වඩා දීර්ඝ බැවින් එහි සෘතු කාල පරාසයන් ද දීර්ඝ වේ. අඟහරු ග්‍රහයා සූර්යයාට සමීපතම ලක්ෂයට 2007 ජුනි මාසයේ දී පැමිණුන අතර සූර්යයාගෙන් දුරස්තම ලක්ෂයට පැමිණුනේ2008 මැයි මාසයේ දීය.
අඟහරු ග්‍රහයා සතුව 0.09 ක කක්ෂි විකේන්ද්‍රීයතාවයක් දක්නට ලැබෙන අතර සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහයන්ගේ මීට වැඩි විකේන්ද්‍රීයතාවයක් පෙන්නුම් කරන්නේ බුධ ග්‍රහයා පමණි. කෙසේ නමුත් අතිතයේ දී අඟහරු ග්‍රහයාගේ කක්ෂය දැනට වඩා වෘත්තාකාරව පැවති බව සොයා ගෙන තිබේ. පෘථිවි වර්ෂ මිලියන 1.35 කට පෙර එහි විකේන්ද්‍රීයතාවය 0.002 ක්ව පැවති අතර එය අද පෘථිවියේ දක්නට ලැබෙන විකේන්ද්‍රීයතාවයට වඩා අඩුය. අඟහරු පෘථිවි චක්‍රය වන වසර 100,000 සමඟ සසඳන විට අඟහරු ග්‍රහයාගේ විකේන්ද්‍රීයතා චක්‍රය පාථිවි වර්ෂ 96,000 ක් වේ. කෙසේ නමුත් අනෙක් ග්‍රහලෝක වල ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා අඟහරු ග්‍රහයාගේ විකේන්ද්‍රීය බව වැඩිවෙමින් පවතී. පෘථිවිය සහ අඟහරු ග්‍රහයා අතර ආසන්නතම දුර තවත් වසර 25,000 ක් ඇතුලත අඩු වී යනු ඇති බවට අනාවැකි පල වේ

ලිපිය  - විකිපීඩියා නිදහස් වෙබ් අඩවියෙන් 

අපේ ෆේස්බුක් පිටුවට ලයික් කරන්න 



No comments

Powered by Blogger.