The beginning of the Black Hole - කළු කුහරයක උප්පත්තිය

කළු කුහරයක උප්පත්තිය - The beginning of the Black Hole


මේ විශ්වයේ බරින් වැඩිම මෙන්ම අධික ගුරුත්වයක් පවතින වස්තූන් කළු කුහර ලෙසින් හදුන්වනවා. කළු කුහරයක් අසල කිසිදු දෙයක් නොපවතින අතර සියල්ලම එය තුලට ඇද ගනු ලබනවා. ඒ අධික ගුරුත්වය නිසා බව ඔබ දැන ගතයුතුය. කළු කුහර ගැන සැබවින්ම විශේෂ කරුණු රැසක් ඉදිරිපත් කිරීමට අති දක්ෂ ගෞරවණිය විද්‍යාඥයෙක් වන ස්ටිවන් හොක්න්ස් මහතා සමත් වී තිබුනා. ඔහු තම ජිවිත කාලය කළු කුහර ගැන තොරතුරු සෙවීමට කැප කළා. අවසානය මුළු මහත් පෘතුවි ජිවින්ටම කළු කුහරයක සැබෑ රූපයක් දැකගැනීමට පුළුවන් වුණා. අද කතා කරන්න යන්නේ කළු කුහරයක ඉපදීම සම්බන්ධවයි.

අපේ මේ විශ්වයේ අති විශාල තාරකා තිබෙනවා, අපේ සුර්යා වගේ නොව අපේ සුර්යාටත් වඩා මිලියන ගණනකින් බර මෙන්ම මිලියන ගණනකින් සුවිශාල වූ තාරකා මේ විශ්වයේ තිබෙනවා. ඇන්ටාරස් තාරකාවම අපේ සුර්යාට වඩා ප්‍රමාණයෙන් අති විශාල තාරකාවකට උදාහරණයක් ලෙස හදුන්වන්න පුළුවන්. මෙවැනි තාරකාවල මාධ්‍ය එනම් කේන්ද්‍රය අධික ගුරුත්වය නිසා තාරකාව තුලට කඩා වැටීමට උත්සහ කරනවා. නමුත් තාරකාව තුල තිබෙන හයිඩ්‍රජන් හා හීලියම් ප්‍රතික්‍රියාව නිසා මෙම ක්‍රියාවලිය සිදුවීම වලකිනවා. ඉතින් මේ හේතුව නිසා මෙවැනි විශාල තාරකා තම ප්‍රතික්‍රියාව අවසන් වන තෙක් විශ්වයේ රදාපවතිමට හේතුවනවා. එය වසර මිලියන ගණනක් සිදුවන දෙයක් බව මතක තබා ගන්න. නමුත් මේ රසායනික ප්‍රතික්‍රියාව අවසන් වූ දාක ප්‍රතිවිරුද්ධ ගුරුත්වය ඇතිකිරීමට නොහැකි වෙනවා. මෙම අවස්ථාවේදී තාරකාවේ මැද එනම් කේන්ද්‍රය තාරකාව තුලට කඩාවැටීම ආරම්භ වෙනවා.
මෙලෙස සිදුවන විට මුළු තාරකාවම රතු පැහැයට හැරී දෙගුණයක් පමණ තාරකාව ප්‍රසාරණය වෙනවා. මෙම අවස්තාව තාරකාවක රතු යෝධ අවස්තාව ලෙසින්ද විද්‍යාවේදී හදුන්වනවා. මෙය 10 ශ්‍රේණියේ හෝ 11 ශ්‍රේණියේදී ඔබගේ විද්‍යා ගුරුවරයා පැවසුවා ඔබට මතක ඇති යයි සිතමි. මෙලෙස විශාල වූ තාරකාව ප්‍රමාණය ඉක්මවා ගොස් අධික විකිරණ රැසක් විහිදුවමින් ගැමාකිරණ කිරණ (Gamma-Ray Burst ) දෙකක් තාරකාවේ දෙපැත්තෙන් විහිදුවමින් තාරකාව එක්වරම පුපුරා යනවා. (මෙය තේරුම් ගැනීමට පහත 3 වෙනි පින්තුරය බලන්න ) මෙම පුපුරා යාම් හදුන්වන්නේ සුපර් නෝවා පිපිරීම් ලෙසින්.

මෙවැනි පිපිරීමක් සිදුවන විට මෙම තාරකාව අවට තිබෙන සියලුම ග්‍රහවස්තූන් හා මන්දාකිණියේම සුළු කොටසක් පමණ විනාස වී යනවා. කෙසේ නමුත් මේ පිපිරීමෙන් අනතුරුව තාරකාවේ ඉතුරු වන්නේ මධ්‍ය පමණයි එනම් තරුවේ මැද කොටස වන කේන්ද්‍රයයි. ඉන්පසු සියල්ලම විනාශ වී ගොස් ඝන අන්ධකාරයක් බිහිවෙනවා.

එමෙන්ම තාරකාවේ මධ්‍යයේ අධික ගුරුත්වයක් හටගන්නවා මන්ද තාරකාවේ සියලුම ගුරුත්ව ශක්තිය තාරකාවේ ඉතිරි වූ මධ්‍යයට නතු වූ නිසා. අවසානයේ මේ ගුරුත්වය සහිත තාරකාවේ මධ්‍යය එනම් කේන්ද්‍රය කළු කුහරයක් බවට පත්වෙනවා. මෙය විශ්වයේ තිබෙන බරින් වැඩිම වස්තුවක් වන කළු කුහරයක් බවට පරිවර්තනය වෙනවා. එනම් මෙම කළු කුහරය අසලට ග්‍රහවස්තුවක් පැමිණියත් මන්දාකිණියක් (කුඩා ප්‍රමාණයේ) පැමිණියත් නිසැකින් කළු කුහරය දෙසට ඇදගන්නවා. අපේ මන්දාකිනියේ මැදද මෙවැනි ඇති විශාල කළු කුහරයක් තිබෙනවා. මන්දාකිණි මධ්‍යයේ එනම් මෙවැනි කළු කුහර විද්‍යාඥයින් Supermassive වර්ගයේ කළු කුහර ලෙසින් හදුන්වනු ලබනවා. එහි තිබෙන ගුරුත්වය නිසා අපේ මන්දාකිණියේ ඇති සියලුම වස්තූන් එය වටා ගමන් කරනවා. අපේ සුර්යාත් මෙම කළු කුහරය වටා ගමන් කරන එක් වහලෙක් පමණයි. ඉතින් මේ වගේ කළු කුහරයක් නිර්මාණය වුවා නම් මෙය නිර්මාණය වීමට පෙර පැවති තාරකාව කොතරම් විශාල ඇතිද, ඔබට සිතීමට යමක් තිබේ. එනම් මේ විශ්වයේ අපිට සිතාගත නොහැකි තරම් අතිවිශාල වස්තූන් තිබෙන බවයි.
කුඩා තාරකා එනම් අපේ සුර්යා වැනි තාරකා විනාශ වූ විට කළු කුහර නොවන බව ඔබ මතක තබා ගත යුතුය, එවැනි කුඩා තාරකා සුදු වාමන තාරකා බවට පරිවර්තනය වෙනවා. සුදු වාමන තාරකා ගැන අපි මීට පෙර post එකක් දැම්මා. එය කියවීමෙන් ඔබට එම තාරකා ගැන තොරතුරු දැනගැනීමට හැකිවේවි. ඔබට නැවතත් සුදු වාමන තාරකා ගැන දැනගන්න අවශ්‍ය නම් පහලින් කොමෙන්ට් එකක් දාන්න.

No comments

Powered by Blogger.