How was the moon born? - චන්ද්‍රයා බිහිවුනේ කෙසේද ?

චන්ද්‍රයා බිහිවුණේ කෙසේද?
චන්ද්‍රයා හෙවත් අපේ සද අපේ පෘතුවියේ එකම උප ග්‍රහලෝකය. චන්ද්‍රයා විවිධ නම් වලින් හදුන්වනවා ඒ අතරින් චන්ද්‍රයාගේ නිල නාමය වන්නේ ලූනා ය. අපේ පෘතුවියේම කොටසක් ගැලවී ගොස් අපේ සද සෑදී ඇති බවට විශ්වාස කරනවා. අපේ සද බිහිවීමට ප්‍රථම අපේ පෘතුවියත් අගහරු ග්‍රහයාත් අතර එක් කුඩා ග්‍රහලොවක් පැවතී තිබෙනවා. එම ග්‍රහවස්තුව තියා ලෙසින් විද්‍යාඥයන් නම් තබා තිබෙනවා. කෙසේ වෙතත් මෙම ග්‍රහවස්තුව අපේ පෘතුවියේත් අහහරුවලත් ගුරුත්වයට හසුවීම හේතුවෙන් මෙම ග්‍රහ වස්තුව පෘතුවිය දෙසට ඇදී ගොස් පෘතුවිය හා ඝට්ටණය වී තිබෙනවා. අන්න ඒ විදියට තමා අපේ සද බිහිවෙන්නේ. ඒ ගැටීමෙන් පෘතුවියේත් අර ගැටුනු ග්‍රහවස්තුවේත් කැබලි කාලයාගේ ඇවෑමෙන් පෘතුවියේ උප ග්‍රහයා ලෙස නිර්මාණය වී තිබෙනවා.
ඇත්තට අපේ සද නැතිනම් අපේ පෘතුවියේ පැවැත්ම ඇත්තටම කන පිට හැරෙනවා. හද නැති වුනොත් මහ මුහුද පිස්සු නටන්න ගන්නවා. සද නැති වුනොත් නිතර නිතර සුනාමි සෙට් වෙන්නත් පුලුවන්. සද නැති වුනොත් අහසේ හැම තරුවක්ම රාත්‍රියේදි හොදින් දැක බලාගන්න නම් පුලුවන්. සුලි කුණාටු වැනි ස්වාභාවික විපත් රැසකට සද නැති වුනොත් පෘතුවියට මුහුණ දෙන්න සිදු වෙනවා. තවද සද නිසා තමා පෘතුවියේ පැය 24 සෙට් වෙලා තියෙන්නේ. මොකද සදෙත් තියෙනවා පොඩි ගුරුත්වාකර්ෂණයක් ඒකත් එක්ක තමා පෘතුවිය භ්‍රමණය වීම බලපාන්නේ ,එහෙම නැතුව සද නැති වුනොත් දවසට පැය 10 ක් 7ක් වගේ වෙයි
හදේ අපිට ඇත්තටම පෙනෙන්නෙ එක පැත්තයි. අනිත් පැත්ත අපිට කවදාවත් පෙන්නේ නෑ. මොකද පෘතුවියේ ගුරුත්වාකර්ෂණය නිසා චන්ද්‍රයාගේ පරිභ්‍රමණය අගුලු වැටිලා තියෙන්නේ. ඒකට කියන්නේ tidal lock කියලා. එහෙම වුනාම චන්ද්‍රයා එක් වටයක් කැරකුනත් පෘතුවියට මුහුනලා සිටින්නේ එයාගේ එක පැත්තයි. මේක වචන වලින් විස්තර කරන්න බෑ Youtube එකේ වීඩියෝ තියෙනවා ඕක පැහැදිලි කරන. ඒක පොඩ්ඩක් බලන්න උත්සාහ කරන්න.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අපේ සද දවසින් දවස් 1cm වගෙ ප්‍රමාණයක් පෘතුවියේන් ඈතට යනවා. යම් දිනක චන්ද්‍රයා අපේන් වෙන්වෙලාම යාවි. හැබැයි ඒ වෙද්දි අපේ පෘතුවියේත් අවසානය උදාවී තිබේවි.

No comments

Powered by Blogger.