The Big Bang Theory - විශ්වයේ ආරම්භය හෙවත් මහා පිපුරුම් න්‍යාය -

විශ්වයේ ආරම්භය හෙවත් මහා පිපුරුම් න්යාය - The Big Bang Theory
විශ්වය කියන්නේ මොකද්ද කියල හැමෝම දන්න දෙයක් කියල මම හිතනවා මොකද විශ්වය කියන්නේ මොකද්ද කියල මුල් post වලින් පැහැදිලි කරලා තියෙනවා. ඇත්තටම අපේ විශ්වයේ ආරම්භය කොහොම වෙන්න ඇතිද, බුදු රජාණන්වහන්සේ පවසන ආකාරයට මේ විශ්වයේ පවතින සියලුම දේ අනිත්යයි මෙන්ම යම් දෙයක් හට ගත්තොත් එය යම් දිනක විනාස වී යා යුතුයි. එනම් ඒ ආකාරයට විශ්වය ආරම්භ වී යම් දිනක අවසානය කරා යනු ඇත, අද කතා කරන්නේ විශ්වයේ ආරම්භය සිදු වූ ආකාරය සදහන් වෙන එක් න්යායක් පිලිබදවයි එනම් මහා පිපුරුම් න්යාය හෙවත් the big bang theory එක ගැනයි.
මුලින්ම කියන්නේ ඕනේ මේ විශ්වය ඇති වෙලා තියෙන්නේ ලොකු පිපිරීමකින් නම් නෙමේ, මෙහි සිංහල අර්ථය මහා පිපිරිම වුනාට විශ්වය ඇති වෙලා තියෙන්නේ මහා පිපිරීමකින් නම් නෙමේ. විශ්වය ඇතිවුණා කියන්නේ කුඩාම කුඩා point එකකින් එහෙමත් නැතිනම් අංශුන් කිහිපයක් එකතු වීමකින්. තේරුනේ නැහැ නේද, මෙහෙම හිතන්න විශ්වය ඔයා බැලුම් බෝලයක් කියල හිතන්න. බැලුම් බෝලේ පුම්බන්න කලින් පැනක් අරන් පුංචි ඩොට් දෙකක් එක ලග අදින්න. දැන් ඒ බැලුම් බෝලය පොඩ්ඩක් පුම්බන්න. දැන් මොකද වුනේ අර ඩොට් දෙක අතර පරතරයක් ඇති වුණා නේද බැලුම පිම්බෙනකොට, ඩොට් දෙක එක ලග නැහැ නේද, දැන් තවත් පුම්බන්න ඕක පුම්බන්න පුම්බන්න ඔයාට පෙනේවි අර ඩොට් දෙක ලොකු වෙනවා ඒ වගේම පරතරයත් වැඩි වෙනවා. ඔන්න ඔහොමයි විශ්වය බිහිවුණා කියලා මෙම න්යායයෙන් ඉදිරිපත් කරන්නේ. මේක මේ ටිකෙන් ටික සිදු වුන දෙයක් නෙමේ, එක තත්පරෙන් විශ්වය අනන්තය දක්වා පැතිරිලා ගිහින් තියෙනවා කියලයි විද්යාඥයින් ප්රකාශ කරන්නේ.

අපේ විශ්වය ඇති වුණා කියන්නේ අදින් වසර බිලියන 13.7 කට පමණ කලින් කියල තමයි විද්යාඥයින් ගණන් බලල තියෙන්නේ. ඉතින් විද්යාඥයින් විශ්වාස කරනවා අදින් වසර බිලියන 13.7 ක අතීතයට ගියොත් විශ්වයේ ආරම්භයේ තියෙන්නේ පුංචිම පුංචි ස්ථානයක් කියලා. ඒ ස්ථානය තමයි මේ ප්රසාරණය වෙලා එහෙමත් නැතිනම් ඇදීමකට ලක්වෙලා මේ දැන් බිහිවෙලා තියෙන විශ්වය නිර්මාණය වෙලා තියෙන්නේ. මෙම ස්ථානයේදී බුදුන් වහන්සේ දේශනා කරපු විශ්වයේ හැකිලෙන අවදිය හා දිගහැරෙන අවදිය පිලිබදව තමයි කතා වෙන්නේ, ඉතින් මේ සිද්ධිය, බුදු දහම තුල බුදුන් වහන්සේ විසින් විද්යාඥයින් සොයා ගන්න කලින් හොයාගෙන තියෙනවා. විශ්වයේ මේ කුඩා කොටස එහෙමත් නැතිනම් විශ්වය හැකිලෙන්න කලින් අර තිබුන පුංචි ස්ථානය ඇති වුණේ කොහොමද කියන එක විද්යාඥයින් මේ වනවිට සොයමින් පවතිනවා.
අපේ මේ විශ්වයේ තියෙන සියලුම දේ අපෙන් ඈතට යනවා. ඒක දැන් ඔයාලට තේරෙනවා නේ අර බැලුම් බෝලෙ උදාහරණයට අරගෙන. නමුත් ග්රහ මණ්ඩලයක් අතර තිබෙන ග්රහවස්තුන් එකින් එක ඈතට යන්නේ නෑ, මොකද එම අවස්ථාවේදී මව් තාරකාවෙන් ඇතිවෙන ප්රබල ගුරුත්වය නිසා එය ඇතිවෙන්නේ නෑ. නමුත් මේ අවකාශය ප්රසාරණය වීම සිදු වන්නේ, මන්දාකිණි හා මන්දාකිණි අතර තවද මන්දාකිණි පොකුරු අතර බව විද්යාඥයින් සොයාගෙන තියෙනවා. ඒක නිසා අපේ ක්ශීරපථය තුල ඇති කිසිදු තරුවක් අපෙන් ඈතට යන්නේ නෑ. අනිත් එක තමයි මන්දාකිණි මධ්යයේ තියෙන සුපිරි ගනයේ කළු කුහර ඒවායේ ගුරුත්වය ඔය හේතුන් නිසා මන්දාකිණි ඇතුලේ තියෙන කිසිම වස්තුවක් අවකාශයත් සමග ඇදීමට ලක් වෙන්නේ නෑ. ඒවා හැමදාම තියෙන ස්ථානයේම තියෙනවා.
තවත් පුංචි ප්රශ්නයක් තියෙනවා, මේ න්යාය අපේ අසල්වැසියාට බලපාන්නේ නෑ. අපේ අසල්වැසියා දන්නවනේ Andromeda මන්දාකිණිය. එයා අපේ මන්දාකිණිය දාලා යන්න කැමතිම නෑ එයා ඈතට යන්නේ නෑ. ඒකටත් විද්යාඥයින් තාම පිළිතුරු හොයනවා. ඒ මන්දාකිණිය තවත් වසර බිලියන 7.5කින් පමණ අපේ මන්දාකිණියේ හැප්පෙනවා (ඒ දෙන්නා කසාද බදිනවා 😂😂😂). ඉතින් ඔය ගැටීමට විද්යාඥයින් අපූරු නමක් යෝජනා කරලා තියෙනවා. ඒ තමයි මිල්කෝමිඩා. එහෙම ගැටුනා කියල තරු තරු ගැටීමක් ඇති වෙන්නේ නෑ කියලයි විද්යාඥයින් පවසන්නේ. එතකොට අපි නම් නෑ අපේ පෘතුවිය තිබ්බද කියල හොයාගන්නත් බෑ මොකද ඒ වෙද්දී අපේ ඉර හෙවත් සුර්යා අවසන් ගමන් ගිහින් අපේ ලෝකෙත් විනාස කරගෙන.
මේ post එකෙන් පස්සේ ගොඩක් පෝස්ට් මේ න්යාය පදනම් කරගෙන තමයි දාන්නේ, ඒක නිසා මේ පෝස්ට් එක අනිවාර්යෙන් කියවන්න, share කරන්න. ස්තුතියි ඔබට 
#Admin - අසිර්මත් විශ්වය Facebook Page 


No comments

Powered by Blogger.