Type 1 Alien Civilization - පිටසක්වල ශිෂ්ටාචාර 1

පිටසක්වල ශිෂ්ටාචාර 1 - Type 1 Alien Civilization - Kardashev Scale

මේක දැක්කම ඔයාලට නිකන් අමුත්තක් දැනෙන්න ඇති නේද, පිටසක්වල ජීවින් ගැන ඉන්නවද නැද්ද කියල වත් හරියට දන්නේ නැතුව මොකද්ද මේ කියන්න යන පිටසක්වල බහුබුතේ කියලා. ඇත්තම කිව්වොත් මේක පිටසක්වල ජීවින් පිලිබදව හදාරන අයට ගොඩක් වැදගත් වන දෙයක්. මේක න්‍යායක්. මේක ඉදිරිපත් කරේ රුසියානු විද්‍යාඥයෙක් වෙන නිකලොයි කඩශෝවා මහත්මයා. ඔහුට ගෞරවයක් ලෙසින් තමා මේකට කඩශෝවා තියරිය එහෙමත් නැත්තම් කඩශෝවා න්‍යාය කියලා හදුන්වන්නේ. ඇත්තම කිව්වොත් සරල විදියට, මෙම න්‍යාය මගින් කියන්නේ මේ විශ්වයේ කොහේ හෝ පිටසක්වල ජීවින් සිටිනවා නම් ඔවුන් තම ශිෂ්ටාචාර ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරගන්නා ආකාරය ගැන. මේ පොස්ට් එක තව පොස්ට් 2කින් සමන්විත වෙයි. මොකද මේ න්‍යාය type1, type2, type3 ලෙස ප්‍රධාන කොටස් තුනකින් හදුන්වනු ලබනවා. එහෙනම් අපි මේ type 1 ශිෂ්ටාචාරය ගැන ඉගෙන ගමු.

මේ ව්ශ්වයේ විවිධ වර්ගයේ ජීවින් ඉන්නවා කියලා උපකල්පනය කරොත් ඒ හැමෝටම පොදු ගති ලක්ෂණයක් තියෙනවා. ඒක මිනිස් වර්ගයා වන අපිටත් පොදු වූ ලක්ෂණයක්. ශක්තිය පරිභෝජනය කරගන්න එක තමා මේ විශ්වයේ සිටින සියලුම ජිවින්ට පොදු වූ එකම ලක්ෂණය. මොකද ඕනෙම ජීවියෙකුට ශක්තිය අවශ්‍ය වෙනවා ඒ අයගේ ජීවිතය පවත්වාගෙන යාම සදහා සහ එයාලගේ වැඩ කරගන්න. උදාහරණයක් විදියට ගත්තොත් අපි සුර්යා ගේ ශක්තිය පරිභෝජනය කරනවා නේ. රෙදි වේලාගන්න, විදුලිය නිපදවන්න, වගේ නොයෙකුත් දේ වලට. ඉතින් අන්න ඒ වගේ මේ විශ්වයේ ඉන්න ඕනෙම ජීවියෙකුට ශක්තිය පරිභෝජනය කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ ක්‍රමවේදයේ ප්‍රාථමික අවදිය type 1 Civilization එකෙන් කතා කරනවා. සරලවම කිව්වොත් මේ අවධියේදී සිදුවෙන්නේ යම් ග්‍රහවස්තුවක සිටින ජීවින් කොට්ටාසයකට තම ග්‍රහවස්තුව තමාට අවැසි ලෙස පාලනය කිරීමට හැකියාව ලබාගන්නා ආකාරය පිලිබදවයි. විකාරයි වගේ නේද, ඒත් කඩශෝවා මහත්මයා කියන විදියට අපි ඉන්නේ තාකෂණය අතින් ඉතාම ප්‍රාථමික අවධියක, ඉතින් මේක අහන හැමෝම හිතන්නේ මේක කරන්න බැරි වැඩක් කියලා.

ඉතින් මේ විදියට තම ග්‍රහවස්තුව තම අනසකට යටත් කරගත්තම ඒ ජිවින්ට අවශ්‍ය ලෙස තම ග්‍රහ වස්තුව පාලනය කරන්න පුළුවන් වෙනවා. එතකොට කවදාවත් ඔවුන්ගේ ලෝකයට ස්වභාවික විපත් ඇති වෙන්නේ නෑ, බලශක්ති හිගයක් ඇතිවෙන්නේ නෑ. මොකද ඒවා ඔවුන්ට පාලනය කරන්න පුළුවන් වෙන නිසා. විද්‍යාඥයින් පවසන අන්දමට අදින් වසර 200ක් හෝ ඊට යම් කාලයකට පසුව අපේ පෘතුවියත් type 1 ශිෂ්ටාචාරයක් බවට පත්වෙනවා. හැබැයි මේ type 1 එකට එන එක තමා ඕනෙම ජීවින් කාණ්ඩයකට තියෙන අපහසුම කාර්ය වෙන්නේ. ඉන්පසුව type 2 හා type 3 වෙතට යන එක ඉතාමත් පහසු බවයි විද්‍යාඥයින් පවසන්නේ.
මේ පොස්ට් එකට නම් මට අනිවාර්යෙන් ඔයාලගේ අදහස් ඕනේ. ඔබට මෙම න්‍යාය පිලිබදව සිතෙන දේ කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඊලග පෝස්ට් එක type 2 පිටසක්වල ශිෂ්ටාචාරය. එහෙනම් ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු.

Like us on Facebook 




No comments

Powered by Blogger.