End of the black hole - කළු කුහරයක අවසානය

කළු කුහරයක අවසානය - End of the Black Hole

මීට කලින් පොස්ට් එකක අපි කළු කුහරයක ආරම්භය ඇති වෙන ආකාරය පැහැදිලි කරා ඔබට මතක ඇති. කළු කුහර මේ විශ්වයේ දීර්ඝ කාලයක් පවතින වස්තූන් බව ඔබ මේ වනවිටත් දන්නා කාරණයක් බව අපි දනිමු. කළු කුහරයක් නිර්මාණය වූ පසු එය අවසානය වෙන තෙක් ඒ අසලට පැමිණෙන සියලුම වස්තූන් ඒ වෙතට ඇද ගනු ලබනවා. නමුත් බුදුන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට මේ විශ්වයේ පවතින සියලුම දේ අනිත්‍ය නම් ඇයි කළු කුහර අනිත්‍ය නොවෙන්නේ. සැබවින්ම කිවහොත් කලුකුහරද අනිත්‍ය දෙයක්. එනම් කළු කුහරයකට පවා අවසානයක් තිබෙන ශ්‍රේෂ්ට විද්‍යාඥයෙක් වන ස්ටීවන් හෝකින්ස් මහතා පෙන්වා දී තිබෙනවා. අද මෙම ලිපියෙන් ඔබට කළු කුහරයක් අවසාන වෙන ආකාරය පිළිබද අධ්‍යයනය කර හැකියි.
කළු කුහර මේ විශ්වයේ පවතින දැඩිම ස්කන්ධයක් පවතින වස්තූන් ලෙසින් හදුන්වන්න පුළුවන්. ඒ වගේම තාරකාවකට වඩා අධික ලෙස ගුරුත්වාකර්ෂණ ශක්තියක් පෙන්වන ස්ථානයක්. තාරකාවක් සුපර්නෝවා පිපිරීමෙන් අනතුරුව ඇතිවන්නේ කළු කුහරයක්. ඉතින් මේ කළු කුහරය අවසන් ගමන් යන්න නම් එහි ඇති අධික ගුරුත්වය අවසාන විය යුතු වෙනවා. කළුකුහර ගැන විද්‍යාඥයින් අතරින් විශාල ලෙස කරුණු රැස් කරන ලද විද්‍යාඥවරයෙකු ලෙස ස්ටිවන් හෝකින්ස් මහත්මයා හදුන්වා දිය හැකියි. කළු කුහර අවසන් ගමන් යන බව සොයා ගන්නා ලද්දේද මේ විද්‍යාඥවරයායි. එතුමා මෙම කළු කුහර වල අවසානය ගැන ඉදිරිපත් කිරීමට Quantum Physics වල එක් න්‍යායක් වන Virtual Particle ආශ්‍රිතව යම් නිගමනයක් එතුමා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මෙය අධ්‍යයනයට පෙර virtual particles යන්න පිළිබද දැනගැනීම වැදගත් වේ.
මේ විශ්වයේ කිසියම් ස්ථානයක, එනම් රික්තයක වුවද තවත් විදියකින් කිව්වොත් කිසිම දෙයක් නොමැති ස්ථානයක (ශුන්‍ය) වුවද උප පරමාණුක අංශුන් හිටි හැටියේම නොසිතු ලෙස හටගන්න හැකි යයි එතුමා පවසනවා. තවද එතුමා පවසනවා ශුන්‍ය අවස්ථාවකදී ධන ආරෝපිත අංශුවක් හෝ ඍන ආරෝපිත අංශුවක් එකවරම ඇති විය හැකි බව හා මේ දෙකම එකවරම ඇති වන්නටත් පුළුවන් යයි එතුමා පවසනවා. ඉතින් එතුමා පවසන ආකාරයට මේ විශ්වයේ කිසියම් දෙයක් නොමැති ස්ථානයකින් ඇතිවන අංශුන් Virtual Particle ලෙසින් හදුන්වනවා. එමෙන්ම එතුමා පවසන්නේ මේ විශ්වයේ කිසිම ස්ථානයක ශුන්‍ය යයි කිව හැකි ස්ථානයක් නොමැති බවයි. එනම් විශ්වයේ ශුන්‍ය යයි පැවසිය හැකි කිසිදු ස්ථානයක් නොමැති බවයි. රික්තයක් තුල වුවද නොසිතු ලෙස උප පරමාණුක අංශුන් ඇති විය හැක. දැන් අපි බලමු මේ සිද්ධිදාමය කළු කුහරයක් අවසාන වීමට බලපාන ආකාරය,
ස්ටිවන් හෝකින්ස් මහතා පවසන ආකාරයට, මෙම ශුන්‍ය අංශුන් කිහිපයක් හෝ යම් ප්‍රමාණයක් කළු කුහරයක් අසල ඇති වුවහොත් එය කළු කුහරය වෙත සාමන්‍ය දේ ඇදගන්නා ආකාරයෙන්ම ඇදගනු ලබනවා. එතුමා පවසන ආකාරයට මෙම ඇතිවන අංශුව ඍන ආරෝපිත අංශුවක් වුවහොත් අනිවාර්යෙන් කළු කුහරයේ තිබෙන ශක්තිය හා ස්කන්ධය ක්ෂය වීම ආරම්භ වීම සිදුවන බවයි. ඉතින් මෙම සිදු වීම දීර්ඝ කලක් තිස්සේ සිදු වීමෙන් කළු කුහරය ප්‍රභල ලෙස ක්ෂය වීම ආරම්භ වෙනවා. එනම් මෙම සිදුවීම වසර මිලියන කෝටි ගණනක් සිදුවූවහොත් කළු කුහරය වසර මිලියන ගණනක් ඇතුලත දියවී ක්ෂය වී යයි. මේ ලෙස කළු කුහරද අනිත්‍ය බව එනම් කළු කුහරද අවසන් ගමන් යන බව මෙම මහතා ප්‍රකාශ කර තිබෙනවා. මෙම විද්‍යාත්මක පැහැදිලි කිරීම තරමක් සංකීර්ණ බැවින් ඔබට මෙය පැහැදිලි නොවුනා නම් නැවතත් post එක මුල සිට කියවන්න හෝ අපගේ පිටුවට කෙටි පණිවුඩයක් යොමු කරන්න.

No comments

Powered by Blogger.