Type 2 Alien Civilization - පිටසක්වල ශිෂ්ටාචාර 2 කොටස

මීට කලින් අපි දැම්ම පොස්ට් එකේ කඩශෝවා මහත්මයාගේ කඩශෝවා න්‍යායේ පළමු කොටස එනම් පිටසක්වල ශිෂ්ටාචාර නිර්මාණය වෙන පළමු අඩිතාලම පිලිබදව කතා කළා. ඒකට ගොඩක් අය කොමෙන්ට් කරලා තිබ්බා. ගොඩක් සතුටුයි විද්‍යාවට කැමති මේ වගේ පිරිසක් ඉන්න එක ගැන. එහෙනම් අද මේකේ දෙවැනි කොටස ගැන හොයලා බලමු, හැබැයි ඊට කලින් පලමු කොටසේ කතා කරපු දේ සැකවින් අධ්‍යයනය කරල බලමු,
පළමු කොටසෙන් සිදු වෙන්නේ යම් ජීවි කොට්ටාසයක් තම ශක්ති පරිභෝජන අවශ්‍යතාවයන් සපයා ගැනීම උපරිම අන්දමින් සිදු කිරිමයි. එනම් ඔවුන් තම ශක්ති පරිභෝජනය උපරිම අන්දමින් සිදු කරමින් තම තාක්ෂණය උපරිම මට්ටමකට ලක් කරගන්නවා. එම හේතුන් මත ඔවුන්ට තම මව් ග්‍රහලොව තමාට හැකි අයුරින් පාලනය කිරීමට හැකියාව උදා වෙනවා. එවිට ඔවුන්ට ස්වභාවික විපත්, ස්වාභාවික සම්පත් උපරිම අයුරින් පාලනය කිරීමේ හැකියාව ලබාගන්නවා. පිටසක්වල ශිෂ්ටාචාර වල ආරම්භය සිදුවන්නේ මේ ආකාරයෙන්. දැන් අපි පිටසක්වල ශිෂ්ටාචාරවල 2 වෙනි කොටස ගැන සොයා බලමු,


මෙහිදී සිදුවෙන්නේ තම ග්‍රහවස්තුව තම අනසකට යටත් කරගත් එම ජීවි කොට්ටාසය තම මව් තාරකාවද තම අවශ්‍යතාවන් මත ඔවුන්ගේ අනසකට යටත් කරගැනීමයි. එනම් ඔවුන් තම මව් තාරකාවේ උපරිම ශක්තිය පරිභෝජනයට ගන්න උත්සහ කරනවා. ඇත්තම කිව්වොත් එයාල කරන්නේ එයාලගේ මව් තාරකාව වටා Dyson Sphere එකක් නිර්මාණය කරන එක. ඒ කියන්නේ එයාල එයාලගේ මව් තාරකාව ආවරණය කරනවා එයාලට විතරක් ශක්තිය පරිභෝජනය කරන්න පුළුවන් වෙන්න. ඒකට කියන්නේ Dyson ගෝලයක් කියලා. පිස්සු වගේ නේද එහෙම කරන්නේ කොහොමද පිච්චෙනවා නේද? එහෙම වෙන්නේ නෑ මොකද එයාල දැන් type 1 එකේ ඉදන් ආවේ, එයාල තාක්ෂණය අතින් ඉතාමත් දියුණු ජීවින් ඉතින් එයාලට මේ වගේ දෙයක් කරන එක සුළු දෙයක් වේවි. විද්‍යාඥයින් කියන විදියට යම් ජීවි කොට්ටාසයකට type 1 කරා ගමන් කිරීමට විශාල කාලයක් ගතවෙනවා. නමුත් ඉන්පසු පැමිණෙන ශිෂ්ටාචාර කරා ගමන් කිරීම එම ජිවින්ට ඉතාමත් පහසු කාර්යයක් වෙනවා.
ඉතින් මේ විදියට Dyson Sphere එකක් නිර්මාණය කරාම වෙන්නේ එම තාරකාවේ ආලෝකය පිටතට යන්නේ නෑ. ඇත්තම කිව්වොත් ආලෝකය පිටතට යන්නේ නැති නිසා තාරකාව අදුරු වූ එකක් ලෙසින් තමා පෙනෙන්නේ. Star Treck චිත්‍රපටිය බලපු අය නම් දන්නවා මේක මොකද්ද කියලා. ඊටපස්සේ එයාලට හරිම පහසුවෙන් එම තාරකාව වටා කක්ෂ ගතවී සිටින අනෙකුත් ග්‍රහවස්තුන්ද යටත් කරගන්න පුළුවන්. මේ විදියටම ග්‍රහ මණ්ඩලයක්ම යටත් කරගන්න ශිෂ්ටාචාර තමා type 2 civilization එකක් වෙන්නේ.
මෙන්න මේ විදියට එම ජීවින් දෙවන ශිෂ්ටාචාරය කරාත් පිය නගනවා. ඊළගට ඔවුන් type 3 ශිෂ්ටාචාරයක් බවට පත් වෙනවා. ඒ ගැන අපි ඊලග පොස්ට් එකෙන් ලබා දෙන්නම්. මේ පෝස්ට් එකේ කියා ඇති සියලු කරුණු කඩශෝවා න්‍යායේ ප්‍රකාශ කර ඇති කරුණු බැවින් මේ කිසිවක් අප විසින් ප්‍රකාශ කරන ලද කරුණු නොවන බව සලකන්න.


No comments

Powered by Blogger.