ක්ෂීරපථ මන්දාකිණිය (කිරිසයුර ) - Milky Way Galaxy


කිරි සයුර කියන්නේ මොකද්ද කියල ඇහුවම හැමෝම හිතයි එක මුහුදක් වගේ දෙයක් කියල, ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි කිරි සයුර කියන්නේ අපි ජිවත් වෙන පෘතුවිය එහෙමත් නැත්තම් අපේ ලෝකය පිහිටලා තියෙන අපේම මන්දාකිනියට. තවද ක්ෂීරපථය යනු ආලෝක වර්ෂ (100,000) හා අවුරුදු 180,000 අතර පරතරයකින් යුක්ත වූ සර්පිලාකාර මන්දාකිණියකි. එනම් අපේ මන්දාකිණියට පිටත සිට බලන අයෙකුට අපේ මන්දාකිණිය අපිට දිස්වන්නේ සර්පිලාකාර ස්වරුපයකිනි. අපේ කිරි සයුරේ තාරකා බිලියන 100-400 ක් අඩංගු වෙනවා.
මන්දාකිණියක් යනු තරු විශාල ගණනක් එක්වී සැදුනු පද්දතියක් ලෙස හදුන්වන්න පුළුවන්. අපේ සුර්ය ඇතුළු අපේ සෞරග්‍රහ මණ්ඩලයද අපේ කිරි සයුරේ පිහිටා තිබේ. තවත් මෙවැනි පද්ධති රැසක් අපේ කිරි සයුරේ තාරකා වටා තිබිය හැක.
ඇත්තටම අපේ මන්දාකිණිය අපිටම දැක ගන්න පුළුවන් රාත්‍රී අහස නිරීක්ෂණය කරන අයෙකුට, හැබැයි මේකට අමාවක වගේ දවසක් අවශ්‍ය වෙනවා. චන්ද්‍රයා හොදින් පායා ඇති දවස් වලට නම් මේක අපිට බලාගන්න වෙන්නේ නැ. මේ කිරි සයුර එහෙම නැත්තම් අපේ මන්දාකිණිය අපිට අහසේ අමාවක දවස් වල තරු අතරින් දුමාරයක් සේ බලාගන්න පුළුවන්. සමහරු රැවටෙනවා ඒක වලාකුලක් කියල හැබැයි එක වලාකුලක් නෙමේ අපේ milky way එක. තවත් නමකින් කිව්වොත් අපේ ක්ෂිරපථය. කිරිසයුර, ක්ශීරපථය යන නම් දෙකම මෙයට භාවිත කරනවා.
අපේ කිරි සයුරේ අප ජීවත් වන බව පෘතුවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ ඔරායන් බාහුව තුළය.මෙම බාහුන් සියල්ලම එක් වී ඇත්තේ ක්‍ෂීරපථයේ කේන්ද්‍රයටය.ක්‍ෂීරපථයේ කේන්ද්‍රය පිහිටා ඇත්තේ අප පෘතුවියේ සිට ආලෝක වර්ෂ 26000ක් ඈතිනි.
අපේ ක්ශීරපථයේ, විශ්කම්භය ආලෝක වර්ෂ 100,000 - 200,000 ක් වූ, තරු බිලියන 200 - 600 ක් සමන්විත තීරු ආකාර සර්පිලාකාර චක්‍රාවාටයකි. එම නිසා අපේ ක්ශීරපථය ඇත සිට බලනවිට එය සර්පිලාකාරව දිස්වෙනවා. විද්‍යාඥයින් පස්වන ආකාරයට අනුව ක්ෂීරපථය තුල ග්‍රහලෝක බිලියන 50 කට වඩා සමන්විත වන අතර ඉන් මිලියන 500ක් පමණ පවතින්නේ එහි සූර්යයාගේ සිට වාසයට සුදුසු කලාපයකයි. ක්ෂීරපථයෙහි ව්‍යූහයට අනුව සමස්ත චක්‍රාවාටයට එක් භ්‍රමණයක් (එක් වටයක් කැරකවීම) සඳහා අලෝක වර්ෂ මිලියන 15 - 50 ක පමණ කාලයක් ගත වේ. මන්දාකිණිය තත්පරයට කිලෝමීටර 552 - 630 ක වේගයකින් ගමන් චලනය වන මුත් එය සබැඳි රාමුව මත රඳා පවතී. ක්ෂීරපථය අවුරුදු බිලියන 13.2ක් පමණ වයස බව, එනම් ආසන්න වශයෙන් විශ්වය තරම් ම පරණ බව විද්‍යාඥයින් ගේ මතයයි.
අපේ කිරිසයුරට අමතරව තවත් බොහෝ මන්දාකිණි රැසක් මේ විශ්වය තුල පවතිනවා. ඒ අතරින් අපිට රාත්‍රී අහසේම පියවි ඇසෙන දැක බලාගන්න පුළුවන් මන්දාකිණියක් ලෙස Andromeda මන්දාකිණිය හදුන්වාදෙන්න පුළුවන්. එය අපිට රාත්‍රී අහසේ කුඩාවට දැක බලාගන්න පුළුවන්

 - අසිරිමත් විශ්වය

1 comment:

  1. ඇත්තටම මට හිහිතෙන්නේ අපට වඩා දියුණු ලොක ඇති කියලා අපිට එ තක්ෂනය මට්ටමට එන්න තව අවුරුදු 5000 ක් වත්‍ යායි සමහරක් විට පිටසක්වලයොත් අපෙ රුපෙට සමාන වෙයි

    ReplyDelete

Powered by Blogger.