සමාන්තර ලෝක හා සමාන්තර විශ්ව - The Parallel worlds and Parallel Universe

සමාන්තර ලෝක හා සමාන්තර විශ්ව - The Parallel worlds and Parallel Universe
මාතෘකාව දැක්ක ගමන් මතක් වුනේ මොකද්ද ඔයාට, ගොඩක් අයට නම් මතක් වෙන්නේ Comic ගැන එහෙමත් නැත්තම් චිත්‍ර කතා වල තියෙන පස්සේ චිත්රපටි විදියට එන මාර්වල් හා DC සමාගම් වල චිත්රපටි වල එන සිදුවීම් නේ, නමුත් ඒවා නම් සමාන්තර ලෝක ගැන යම් කිසි දැනුමක් ලබාගැනීමට ප්‍රමාණවත් වෙන්නේ නෑ. මොකද්ද මේ ඇත්තටම සමාන්තර ලෝක කියන්නේ. හරි සරලවම මෙහෙම කියන්නම්. ඔයාගෙම කොපි එකක් තවත් තැනකින් හොයාගන්න එක. කොපි එකක් කියන්නේ කොපි එකක්ම තමයි. නැතුව සමාන හැඩරුව නෙමෙයි. ඔය කියන්නේ ඔයා වගේ කෙනෙක් මම දැක්කා, එයා නම් ඔයා වගේමයි. මේ ලෝකේ එක වගේ 7ක් ඉන්නවා. ඔය කතා නම් සමාන්තර ලෝක හා සමාන්තර විශ්ව වලට කිසිම ගැලපීමක් නෑ. ඇත්තම කිව්වොත් ඔයාම වෙන තැනකින් හෝ වෙන ලෝකෙකින් හෝ වෙන විශ්වයකින් හමුවෙනවා. ඒ වගේ අදහසක් දැනට හිතන්න. හරි අපි අද කතාවට එකතු වෙමු,
සමාන්තර විශ්වයන් හා සමාන්තර ලෝක ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බැරි න්‍යායන් බොහොමයක් තිබෙනවා, ඒ අතර Multiverse, Parallel Universe, many worlds, parallel world වගේ ඒවා ඉතාමත් ජනප්‍රියයි. මේ න්‍යායන් කිසිම එකක් මේ post එකට සදහන් කරන්නේ නෑ, මේ post එකෙන් අද බලාපොරොත්තු වෙන්නේ සමාන්තර ලෝක හා සමාන්තර විශ්ව ගැන පොඩි දල අදහසක් ඔබට ලබා දීමට. හරි මෙහෙම හිතන්න, උදාහරණයක් විදියට ගමු, අපේ පෘතුවිය. අපේ පෘතුවිය නිර්මාණය වෙලා තිබෙන සංගටක ගැන හිතන්න. ඒවා නිර්මාණය වුන සියලුම සංගටක එක pattern එකක් කියල හිතන්න. දැන් අපේ පෘතුවියේ නිර්මාණය වෙන්න හේතු වුන ඒ සංගටක ටික ගැන පමණක් අවදානය යොමු කරන්න. දැන් මේ සංගටක නිර්මාණය වූ ආකාරයටම මේ විශ්වයේ කොහේ හෝ තැනක ඒ සංගටක ටික ඒ අකාරයෙන්ම නිර්මාණය වුනොත් පෘතුවිය වගේ ග්‍රහවස්තුවක් නිර්මාණය වෙන්න පුළුවන් නේද. අපි මේක තවත් පැහැදිලි වෙන්න තව උදාහරණයක් ගමු
හිතන්න ඔයා ඉන්නේ කිසිම දෙයක් නැති හිස් කාමරයක දැන්. ඔබ පමණයි මේ කාමරය තුල සිටින්නේ. කාමරය හිස්. ඔබ හිතන්න ඔබ සතුව දැන් පාට පෙට්ටි 50ක් විතර තියෙනවා කියලා. දන්නවා නේ ඉතින් පාට පෙට්ටි අපි පොඩි කාලේ චිත්‍ර පාට කරේ (හොම්රන්, ඇට්ලස්, පෙන්ටියම් ) අන්න ඒවා. ඔයා ලග තියෙන පාට පෙට්ටි ඔක්කොම ටික අරන් අර කාමරයේ හැම ස්ථානයකම අසුරන්න. අසුරන්න කියන්නේ ඔයා එක පාරට පාට ඔක්කොම අරන් කාමරේ හැමතැනටම විසි කරන්න. දැන් ඔයාගේ මුළු කාමරයම පාට කූරු වලින් වැහිලා තියෙන්නේ. දැන් ඔයා හිතන්න පාට තුනක්. අපි ගමු රතු කොළ නිල් කියන පාට තුන. මේ පාට තුන ඔයාගේ හිතට නැගුන එකක්. දැන් බලන්න මේ කාමරේ කොහේ හෝ තැනක පිලිවෙලින් මේ පාට තුන එක ලග පාට කූරු තියෙනවද කියලා. බලන්න රතු කොළ නිල් පාට කූරු එක ලග පිහිටලා ඇති එක ස්ථානයක් හෝ ස්ථාන කිහිපයක. බලන්න මේ පාට කූරු තුන අපේ සෞරග්‍රහ මණ්ඩලය නම් මේ සෞරග්‍රහ මණ්ඩලයම තව තැන් වල තියෙනවා නේද. දැන් මොකද හිතෙන්නේ ඔබට. ඒ කියන්නේ අපි වගේ අය, අපෙ වගේ ලෝක, අපේ වගේ සෞරග්‍රහ මණ්ඩල මේ විශ්වයේ තවත් තැනක ඇති. මේ උදාහරණය මගින් ඔබට තේරුණා කියලා හිතනවා. තේරුනේ නැති නම් අනිවාර්යෙයන් ඔබ කොමෙන්ට් එකක් දා යුතුමයි
දැන් ඔය වගේ අපේ ග්‍රහලෝකය වගේ ඒවා පමණක් නෙමේ මේ හැමදේම මේ විශ්වයේ කොහේ හෝ තැනක අනිවාර්යෙයන්ම තිබෙනවා. මේවා පමණක් නෙමේ අපේ විශ්වයේම කොපියක් තවත් තැනක ඇති, මොකද ඇලන් ගුත් නමින් හදුන්වන විද්‍යාඥ මහත්මයා ඔහුගේ inflation න්‍යාය මගින් මේ විශ්වය අනන්තය දක්වා පැතිරුනා කියලා කිව්වා. අනන්තය කියන්නේ මොකද්ද කියලා දන්නවා නේ ඉවරයක් නෑ. ඇත්තම කිව්වොත් අපේ විශ්වය තවමත් පැතිරෙනවා. මේ වෙද්ද්දීත් එය පැතිරෙනවා. හරියට අර පාට ටික විසිකරන ගමන් ඉන්නවා වගේ. ඒ විසිකරන අතරතුරේ නේ අර පාට තුනත් එක ලග පිහිටුනේ සමහර තැන් වල ඒ වගේ විශ්වයත් අනන්තය දක්වා පැතිරෙද්දී සමහර විට අපේ සෞරග්‍රහ මණ්ඩලයම ගොඩක් තැන්වලත් මේ වෙද්දී ඇති. ඉතින් මගේම කොපියක් මේ විශ්වයේ කොහේ හරි ඉදං මේ වෙලාවේම එයත් අසිරිමත් විශ්වය පේජ් එකට මේ post එක ලියනවා ඇති.
ඔන්න ඔය විදියට තමයි සමාන්තර ලෝක හා සමාන්තර විශ්වයන් ගැන මුලික ආරම්භය ගැන කතා කරන්නේ. සමාන්තර ලෝක හා සමාන්තර විශ්වයන් කියන්නේ ප්‍රබල විෂය පථයක් ඒක මේ විදියේ පුංචි post එකකින් නම් කියල දෙන්න අමාරුයි. මේක මුල් ආරම්භයක් පමණයි. ඉදිරියේදී තවත් මේ ගැන post දෙන්නම්. ඊලග post එක කරන්නේ wormhole ගැන. එහෙනම් ගොඩක් ස්තුතියි මේ post එක කියෙව්වට. ඊලග ලිපියෙන් හමුවෙමු

1 comment:

Powered by Blogger.