End of Saturn's rings - සෙනසුරු ග්‍රහයාගේ වළලු වල අවසානය

සෙනසුරු ග්‍රහයාගේ වළලු වල අවසානය
අපේ සෞරග්‍රහ මණ්ඩලය ගැන හැමෝම දන්නවනේ. ඉතින් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ලස්සනම ග්‍රහවස්තුව මොකද්ද කියලා ඕනෙම කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නේ සෙනසුරු කියලානේ. ඇත්තටම සෙනසුරු ලස්සනම ග්‍රහවස්තුව බවට පත්වන්නේ, එයාට තියෙන ලස්සන වළලු ටික නිසා. ඉතින් මේ ලස්සන හැඩකාරයාගේ ලස්සන ටිකෙන් ටික නැතිවෙන්න තමයි යන්නේ, සෙනසුරුට මොනවා වෙයිද? අද කතා කරමු සෙනසුරු ගැන.
අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන විශාලම ග්‍රහවස්තුන් අතරින් දෙවැනි ස්ථානයේ ඉන්නේ සෙනසුරු. පලවෙනි ස්ථානය බ්‍රහස්පති දරන අතර දෙවන ස්ථානයේ ඉන්නේ සෙනසුරු ග්‍රහයා. සෙනසුරු කියන්නේ වායුමය ග්‍රහවස්තුවක්. එනම් පොළොවක් නැති ග්‍රහයෙක්. මේ ග්‍රහලෝකය සම්පුර්ණයෙන්ම සැදි තිබෙන්නේ වායු වලින්ම පමණයි. බ්‍රහස්පති සිට නෙප්චුන් දක්වා තිබෙන සියලුම ග්‍රහවස්තුන් වායුමය ග්‍රහවස්තුන් වෙනවා. සෙනසුරුගේ සුන්දරත්වය රදාපවතින්නේ එයාට ඇති වළලු වලින්, මෙම වළලු සැදි තිබෙන්නේ අයිස් ඝන වීමකින් බවයි විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ. මෙම පවතින අයිස් වළලු විටින් විට ක්ෂය වීමකට භාජනය වන බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. එමෙන්ම එහි සත්‍ය බාවය වොයෙජර් අභ්‍යවකාශ යානයද ඔප්පු කර දී තිබෙනවා. මෙම ක්ෂය වීමට හේතුව වන්නේ සුර්යාගේ විකිරණ හා සුර්යාගේ ආලෝකය ප්‍රබල ලෙස සෙනසුරුගේ වළලු පද්ධතියට එල්ල වීමයි. තවද සෙනසුරු සතුව පවතින අධික ගුරුත්වය නිසා තමා විසින්ම තමාගේම වළලු ගිල දමන බව විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා. මෙම වළලු අයිස් වැස්සක් මෙන් කුඩා කැබලි වලට කැඩී සෙනසුරු ග්‍රහයා මතට පතිත වන බව වොයෙජර් යානාව හා කැසේනි අභ්‍යවකාශ යානා පෙන්වා දී තිබෙනවා.
විද්‍යාඥයින් පවසන අන්දමට තවත් වසර මිලියන 100ක් පමණ ගිය විට සෙනසුරුගේ වළලු සම්පුර්ණයෙන්ම අහිමි වී යනවා. විද්‍යාඥයින් පවසන ආකාරයට සෙනසුරු ග්‍රහයා බිහිවෙලා අදට වසර බිලියන 4ක් පමණ ගතවෙලා තියෙනවා. මෙම ග්‍රහයාගේ බිහිවූ මුල් අවධියේ වර්තමානයේ තිබෙන වළලු වලට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙන්නට ඇතැයි විද්‍යාඥයින් විශ්වාස කරනවා. මේ ආකාරයේ වළලු අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පති හා යුරේනස් යන ග්‍රහවස්තුන් වලද තිබුණ බවට විද්‍යාඥයින් සැක පල කරනවා. නමුත් අදටත් කුඩා ප්‍රමාණයේ වළලු කිහිපයක් බ්‍රහස්පති ග්‍රහයා සතුවත් දැක ගන්න පුළුවන්.
මෙම පොස්ට් එකෙන් ඔබ දැනුමක් ලබා ගත්තානම් ඔබගේ මිතුරන් අතර මෙය share කරන්න. ස්තුතියි 

No comments

Powered by Blogger.