Will this be the end of the earth? - පෘතුවියේ අවසානය මෙය වේවිද?

පෘතුවියේ අවසානයද මේ...................
අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ අපි ජිවත් වෙන ග්‍රහවස්තුව අයත් සුර්යාගේ ග්‍රහ මණ්ඩලයයි. ඇත්තම කිව්වොත් අපේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටා තිබෙන්නේ අපේ මන්දාකිනිය මධ්‍යයේ පිහිටා තියෙන Super Massive වර්ගයේ අති විශාල කළු කුහරයට ආලෝක වර්ෂ 25,640ක් තරම් දුරින්. ඇත්තම කිව්වොත් කළු කුහරයට ටිකක් ලගින් වගේ. ඉතින් අද කතා කරන්න යන්නේ මේ අති විශාල Super Massive වර්ගයේ කළු කුහරය අපේ සෞරග්‍රහ මණ්ඩලය විනාශ කරන්න එවපු පොඩි දෙයක් ගැන,
අපේ මන්දාකිණිය එනම් ක්ෂිරපථ මන්දාකිණිය මධ්‍යයේ තිබෙනවා අති විශාල කළු කුහරයක්. ඔන්න ඔය කළු කුහරය වටේ තමා මුළු මන්දාකිනියේම තියෙන සියලුම තාරකා (අපේ සුර්යා ඇතුළුව ) ගමන් කරන්නේ. මොකද අධික ගුරුත්වය නිසා මේ තාරකා කළු කුහරය වටා ගමන් කරනවා. ඉතින් ඒ තාරකා වටා තියෙන ග්‍රහ පද්ධති, හා අනෙකුත් වස්තූන් එම තාරකාවන් වටා ඒ අතර තුරේ ගමන් කරනවා. එමෙන්ම සෞරග්‍රහ මණ්ඩලයත් මේ කළු කුහරය වටේ යනවා. ඉතින් මේ මහා කළු කුහරය පිහිටල තියෙන තැනට විද්‍යාඥයින් කියන්නේ Sagittarius A කියලා. ඉතින් මේ මහා කළු කුහරයෙන් ඉතාමත් ප්‍රබල පුපුරා යාමක් පිලිබදව සිඩ්නි විශ්ව විද්‍යාලයේ හා සිඩ්නි සරසවියේ තාරකා විද්‍යා අංශය විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ මේ මහා පුපුරා යාම කළු කුහරය සක්‍රිය වීමකින් සිදු වූ බවයි. තවද මෙය මීට වසර ගණනාවක අතීතයේ සිදු වුවක් බවද ඔවුන් ප්‍රකාශ කරනවා. නමුත් මේ පුපුරා යාමෙන් අධික විකිරණ ප්‍රමාණයක් මන්දාකිනියට මුදාහැර තිබෙන බව ඔවුන් පවසනවා. ලබා දී තිබෙන පින්තුරය හොදින් බලන්න එවිට ඔබට අපේ මන්දාකිනියේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇති ස්ථානය පිලිබදව අදහසක් ගන්න පුළුවන් වේවි. තවද කළු කුහරය පිහිටා ඇති ස්ථානය පිලිබදවද ඔබට අදහසක් ගන්න හැකි වේවි.
ඉතින් මේ විකිරණ ධාරාව මේ වනවිට අපේ මන්දාකිණිය හරහා සෞරග්‍රහ මණ්ඩලය දෙසට පැමිණෙමින් තිබෙනවා. නමුත් මෙය බිය වීමට කාරණයක් නොවන බව ඔවුන් පවසනවා. මොකද අපේ පෘතුවියේ වායුගෝලය මෙම විකිරණ වලට ඔරොත්තු දීමට හොදටම ප්‍රමාණවත් බව එම විද්‍යාඥයින් හා විද්වතුන් කියා සිටිනවා. නමුත් වායුගෝලයක් නොමැති ග්‍රහවස්තුන් හා අපේ ග්‍රහවස්තුවෙන් පිට සිටින ගගනගමින්ට නම් මෙය මහත් සේ පිඩාවක් ගෙනදෙන්නක් බව ඔවුන් කියා සිටිනවා. පිඩාවක් කියන්නේ ඉතින් ක්ෂණික මරණයක් කියන එක. මොකද විකිරණ වල ප්‍රබල බව නිසා මිනිසෙකුට එය සුළුවෙන් හෝ දරාගත නොහැකි වෙනවා. අධික ලෙස මුළු සිරුරම විකෘති වී ක්ෂණික මරණයක් විය හැකයි. තවද අපේ සුර්යාගේත් ප්‍රබල විකිරණ තිබෙනවා. අභ්‍යවකාශ ඇදුමක් නැතුව අභ්‍යවකාශයට ඔබ ගියහොත් ඔබගේ දෑස් තත්පර ගණනක් ඇතුලත පිච්චි යනවා. නැතහොත් ඔබගේ මුළු සිරුරම පිච්චි යනවා.
සුර්ය සුලන් ලෙසින්ද හදුන්වන්නේ මේ සුර්යාගේ විකිරණ, තව විදියකින් කිව්වොත් පාරිජම්බුල කිරණ කියන්නෙත් මේවට. ඉතින් මේ, අපේ සුර්යාගේ විකිරණ නිසා සිදුවෙන එක පුංචි සිදුවීමක් පමණයි. ඉතින් සුර්යා කියන පුංචි තාරකාවේ විකිරණ මෙච්චර දරුණු නම් අර මහා විශාල කළු කුහරයේ විකිරණ කොච්චර නම් දරුණු ඇතිද. ඔබ මෙයට බිය වියයුතු වන්නේ නෑ. මේ හැමදෙයක්ම් ආරක්ෂා කරන්න අපේ පෘතුවියේ තිබෙන වායුගෝලය ප්‍රමාණවත්. තවත් මෙවැනි බොහෝ බිය උපදවන කරුණු නාසා ආයතනය සතු බව අපි හැමෝම දන්නවා. නමුත් ඔවුන් මේවා එලියට දෙන්නේ නෑ. මිනිසුන් බියවන නිසා හෝ වෙනත් කුමන හෝ හේතුවක් නිසාද කියා හරියටම දන්නේ නෑ. මේ පොස්ට් එක යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් share කරන්න. ස්තුතියි ඔබට 

No comments

Powered by Blogger.