Everything about Jupiter - බ්‍රහස්පති ග්‍රහයා ගැන දැනගත යුතු සියලු දේ

බ්‍රහස්පති කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සිටින ප්‍රමාණතත්වයෙන් විශාලම ග්‍රහ වස්තුව. සුර්යා හැරුණු පසු විශාලත්වයෙන් වැඩිම වස්තුව වන්නේ මෙම ග්‍රහවස්තුවයි. බ්‍රහස්පති ග්‍රහයා සතුව විශාල ගුරුත්වයක් තිබෙනවා. ඔය ගුරුත්වය නිසා එයාට උප ග්‍රහයින් 63ක් අල්ල ගන්න පුළුවන් වෙලා තියෙනවා. බ්‍රහස්පති කොච්චර විශාලද කිව්වොත් අපේ පෘතුවිය වගේ ඒවා 30ක් 40ක් පමණ බ්‍රහස්පති ඇතුලට බස්සන්න පුළුවන්, ඉතින් හිතාගන්නකෝ කොච්චර නම් මෙයා සයිස් ද කියලා. බ්‍රහස්පති කියන්නේ සම්පුර්ණයෙන්ම වායුවලින් හැදුනු ග්‍රහලෝකයක්. විද්‍යාඥයින් මේ වගේ ග්‍රහලෝක වලට කියන්නේ Gas Giant කියලා. වායු වලින් පිරිලා තමයි ඉන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. මෙයාගේ ගොඩ බහින්න මතුපිටක් නෑ, මේ ග්‍රහවස්තුව ඇතුලට ගියත් කිසිම හේතුවකින් ගොඩබහින්න බෑ, ඇතුලට ගියත් කොහෙන් හරි එලියට එනවා ඕක තමා වෙන්නේ ඉතින්. (සරලවම එහෙම අදහසක් ගන්න). 
ඇත්තටම අපි මේ බ්‍රහස්පති කියලා කිව්වට ඉස්සර රෝම දෙවි කෙනෙක් ඉදියා ජුපිටර් කියලා, ඉතින් ඒ දෙවියන්ව මතක් වෙන්න තමා මේ ග්‍රහලෝකයට ජුපිටර් කියලා දැම්මේ. ඉතින් අපි ඒකට බ්‍රහස්පති කියලා දාල තියෙනවා සිංහලෙන්. බ්‍රහස්පති ගැන කතා කරද්දී කේන්දර ඉතින් අමතක කරන්නම බෑනේ, ඔය කියන්නේ කේන්දර බලන අය බ්‍රහස්පති ලබල තියෙනවා අනන් මනං, හැබැයි මම නම් ඕවා විශ්වාස කරන්නේ නෑ, පෘතුවියෙනුත් ඈතට වෙන්න ඉන්න ග්‍රහලෝකයක් කොහොමද මිනිස්සුන්ගේ ජිවිත වලට බලපෑම් කරන්නේ. (මගේ පෞද්ගලික අදහස). කොහොම හරි බ්‍රහස්පති ලැබුවම ජෝතිශයේ කියන්නේ නම් සුබයි කියලා, අධ්‍යාපනයට හොදයි කියලා. 
බ්‍රහස්පති හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් හා හීලියම් කියන වායුවලින්. ඒත් හීලියම් ගොඩක් නෑ ගොඩක් තිබ්බ නම් මහා විනාසයක් වෙනවා. ඒක මම කියන්නේ නෑ පුළුවන් නම කොමෙන්ට් කරන්නකෝ ඇයි ඒ කියලා. ඇත්තම කිව්වොත් බ්‍රහස්පතිගේ මහා හරි අපුරු සිද්දි ඇතිවෙනවා, මොකෝ ඒකෙ ඔයාල දැකල ඇති රතු ලපයක් තියෙනවා. ඒ රතු ලපේ ඇත්තම කිව්වොත් හෙන පත සයිස් කුණාටුවක්, අනේ ඉතින් ඔය කුණාටුවක් මේ වෙනකනුත් තියෙනවා. 17 වෙනි ශතවර්ශේ ඉදලම ඕක තියෙනවා (ඊට කලිනුත් ඇති, ඒ කාලෙනේ ඕක හොයාගත්තේ). ඇත්තටම මේ ලපේ හෙවත් කුනාටුව ඇතිවෙන්න හේතුවක් තියෙනවා. ඒක මෙහෙමයි. 
බ්‍රහස්පති ග්‍රහයාගේ හදුනාගත් ප්‍රධානතම ලක්ෂණය වන්නේ මහා රතු ලපයයි. එය සමකයට 220 ක් දකුණිනි පිහිටි නිරන්තරයෙන් පවතින කුණාටු තත්වයයක් වන අතර එය පෘථිවියට වඩා විශාල වේ. වර්ෂ 1665 සිට ම එය තිබෙන්නට ඇති බව තහවරුවූ අතර 1665 සිට ම එය තිබෙන්නට ඇතිබව විශ්වාස කෙර්. ගණිත ආදර්ශක වලින් යෝජනාවන්නේ මෙම කුණාටුව ස්ථායී බවත් එය බ්‍රහස්පති ගේ ස්ථිය ලක්ෂණයක් බවත් ය. පෘථිවියේ සිට දුරදක්න භාවිතයෙන් දැකගත හැකි තරම් මෙම කුණාටුව විශාලය. ඕවලාකාර කුණාටුව ඔර‍ලෝසු කටුව කැරකෙන දිසාවට ප්‍රතිවිරැද්ධ දෙසට භ්‍රමණය වන අතර එඒසදහා දින 6 ක් ගත වේ. මහා රතු ලපයේ පරිමා‍ණයන් වන්නේ 24 – 40,000 km x 12 – 14,000 km ය. පෘථිවියේ විෂ්කම්භය සහිත ග්‍රහලෝක දෙක තුනක් ම අන්තර්ගත කර ගැනීමට තරම් එය විශාලය. මෙම කුණාටුවේ උපරිම උන්නතාංශය 8km පමණ වේ.
වායු යෝධයින්ගේ කැලඹුනු වායු ගෝල තුන මෙවැනි කුණාටු සුලබව දක්නට ලැබේ. සුදු පැහැති හා දුඹුරැ පැහැති ඕවලාකාර ලප ද බ්‍රහස්පති සතුව ඇති අතර මේවා ප්‍රමාණයෙන් කුඩාවන අතර තවමත් ඒවා නම් කර නැත. සුදු පැහැති ඕවලය සමන් විත වන්නේ ඉහළ වායුගෝලයේ පවතින සාපේක්ෂව සිසිල් වලාකුලු වලිනි. දුඹුරැ ඕවලට ඊට වඩා උණුසුම් වන අතර එය ඇත්තේ සාමාන්‍ය වලාකුලු ස්ථරයේ ය. මෙවැනි කුණාටු පැය ගණනක් හෝ ශත වර්ෂ ගණනාවක් වුවත් පැවතිය හැකිය.වර්ෂ 2000 දී මහා රතු ලපයට සමාන ස්වරෑපයක් ඇති ඊට වඩා කුඩා වායුගෝලීය ලක්ෂණයක් බ්‍රහස්පති‍ගේ දකුණු අර්ධගෝලයේ දක්නට ලැබුණි. මෙය සෑදී ඇත්තේ සුදු පැහැති ඕවල කිහිපයක එකතුවෙනි මෙම ලක්ෂණය ඕවල් BA ලෙස ද කුඩා රතු ලපය ලෙසද හැදින්වේ. කාලයත් සමග එහි තීව්‍ර බව වැඩි වි ඇති අතර සුදු වර්ණය රතු වර්ණයට හැරී ඇත.

බ්‍රහස්පති සතුව චන්ද්‍රයින් 63ක් ඉන්නවා. නමුත් 63 ම විදිමත් චන්ද්‍රයින් වන්නේ නෑ, ඒ අතරින් කිහිපයක් පමණයි විදිමත් චන්ද්‍රයින් බවට පත් වන්නේ. ඒ අතර, 
  • ගැනිමීඩ් 
  • යුරෝපා
  • කලිස්ටෝ 
  • ආයෝ
මෙම චන්ද්‍රයින් 4 දෙනාගෙන් විශේෂම වූ චන්දයෙක් සිටිනවා, ඒ තමයි යුරෝපා චන්ද්‍රයා. මොකද මේ චන්ද්‍රයා සතුව ජලය තිබෙන බව විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා. ඒ වගේම ජීවයක් පවතින්න පුළුවන් වාතාවරණයක් මෙම චන්ද්‍රයා සතුව ඇති බවත් සොයාගෙන තියෙනවා. තවද එහි වායුගෝලයක්ද පවතිනවා එම හේතුන් මත විද්‍යාඥයින්ගේ විශ්වාසය එහි සාගර මත හෝ ජීවයක් පැවතිය හැකි බවයි

1 comment:

  1. හීලියම් වැඩිපුර තිබුන නම් ඒව හයිඩ්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරල සූර්යා වගේ වෙනව නේද? හරියට දන්නෑ.

    ReplyDelete

Powered by Blogger.