Type 3 Alien Civilization - පිටසක්වල ශිෂ්ටාචාර 3 වෙනි කොටස

පිටසක්වල ශිෂ්ටාචාර 3 වෙනි කොටස - Type 3 Alien Civilization
අපි මීට කලින් පොස්ට් දෙකකින් කඩශෝව මහත්මයාගේ කඩශෝවා න්‍යාය සවිස්තරාත්මකව ඉදිරිපත් කරා. අද කතා කරන්න යන්නේ පිටසක්වල දියුණු ශිෂ්ටාචාරයක් සිටින ජීවින් ඔවුන්ගේ තුන්වන ශිෂ්ටාචාරය නිර්මාණය කරගන්නා ආකාරය පිලිබදවයි. පළමුව අපි කලින් ඉදිරිපත් කරන ලද ශිෂ්ටාචාර පිලිබදව කෙටි හැදින්වීමක් ලබා ගැනීම මෙම ශිෂ්ටාචාරය ඉගෙනීමට පෙර ඉතාමත් වැදගත් වනු ඇත.
1 වෙනි ශිෂ්ටාචාරය එනම් type 1 alien civilization එකේදී සිදුවන්නේ යම් ග්‍රහවස්තුවක ජිවත් වෙන ජීවින් කොට්ටාසයක් තම ශක්ති පරිභෝජනය උපරිම ලෙස භාවිතා කරමින් තම මව් ග්‍රහලෝකය තම පාලනයට සතු කරගැනීමයි. පසුව ඔවුන් තම මව් ග්‍රහලොවේ සියලුම දේ පාලනය කරන අතර ස්වභාවික විපත්, ශක්තිය වැනි දෑ සෘජුවම පාලනය කිරීමේ හැකියාව ලබා ගනී.
2 වෙනි ශිෂ්ටාචාරය වන විට මොවුන් තවත් තාක්ෂණය අතින් මෙන්ම ශක්ති පරිභෝජන කාර්ය අතින් ප්‍රභල ජීවි කොට්ටාසයක් බවට පත්වේ. එම නිසා ඔවුන් තම මව් තාරකාවේ උපරිම ශක්තිය ලබා ගැනීමට උත්සහ කරනු ලබයි. ඒ අනුව ඔවුන් මුළු ග්‍රහ මණ්ඩලයම යටත් කරගනු ලබයි.
3 වෙනි ශිෂ්ටාචාරය වෙන විට තම මව් තාරකාවේද ශක්තිය ලබාගත් මොවුන් තාක්ෂනය අතින් උපරිම අවස්ථාවේ සිටින ජීවින් කාණ්ඩයක් ලෙසින් හදුන්වාදිය හැකිය. ඔවුන්ගේ හැකියාව මත පදනම්ව ඔවුන් 3 වෙනි ශිෂ්ටාචාරය ආරම්භ කිරීමට පෙලෙබෙනු ඇත. ඒ ඔවුන් තම මව් තාරකාව අයිති මන්දාකිණිය තම යටතට පත් කරගැනීමයි. එය ලේසි පහසු කාර්යක් නොවන අතර ඔවුන් තම මව් තාරකාවේ ශක්තිය අවශෝෂණය කළා මෙන්ම තම මන්දාකිණිය සතුව පවතින අනෙකුත් තාරකාවලද ශක්තිය අවශෝෂණය කරමින් තම මන්දාකිනියම ඔවුන්ගේ අනසකට යටත් කරගැනීම මෙම තුන්වන ශිෂ්ටාචාරයෙදී සිදුවේ. ඔවුන්ට මන්දාකිණි සහමුලින්ම අදුරු කිරීමටද මෙම අවස්තාව වන විට හැකිවේ. මන්ද ඔවුන් තාරකා වටා Dyson sphere (මෙය කලින් පෝස්ට් එකේ කතා කරා) නිර්මාණය කරන නිසා තාරකා අදුරු වී යනු ඇත. එවිට මන්දාකිනියම අදුරු වී නොපෙනී යනු ඇත.

ඇත්තටම අපේ විශ්වයේ පිටසක්වල ජීවින් ඉන්නවද නැද්ද, මේ කුතුහලය හැමෝටම තියෙනවා, එහෙනම් මේ කඩශෝවා මහත්මයා මේ කියලා තියෙන්නේ බයිලද ඔහොමනෙ හැමෝටම හිතෙන්නේ. නමුත් මේ අවසන් න්‍යාය ගැන යම් හෝ සත්‍යක් ඇති බව විද්‍යාඥයින්ට සිතීමට එක් අවස්තාවක් උදා වුණා. විශ්වයේ ඈත, පෘතුවියේ සිට ආලෝක වර්ෂ මිලියන 700ක් පමණ දුරින් ඉතාමත් ගැටළුකාරී ස්ථානයක් විද්‍යාඥයින් හට සොයාගැනීමට හැකි වුණා. මොකද එම ස්ථානය හරිම අදුරු ස්ථානයක් ලෙස තමයි පෙනෙන්නේ. කිසිදු තාරකාවක් මෙම ස්ථානයෙන් දැකගන්න විද්‍යාඥයින්ට නොහැකි වුණා. ඔවුන් එම ස්ථානය Bootes void ලෙසින් හදුන්වනවා. විද්‍යාඥයින් පවසන ආකාරයට මෙම ස්ථානය මෙම 3 වෙනි ආකාරයේ පිටසක්වල ශිෂ්ටාචාරයක් විය යුතුය. මොකද මෙම තුන්වන ආකාරයේ පිටසක්වල ජිවින්ට මන්දාකිණි පවා අදුරු කල හැකි බැවින් මෙම ස්ථානයේ තිබෙන මන්දාකිණියක් හෝ සියලුම තාරකාවන් මෙම ජීවින් විසින් අදුරු කොට ඇති යයි විද්‍යාඥයින් විශ්වාස කරයි. එම නිසා විශ්වයේ ඈත සිටින අපට මෙම ස්ථානය අදුරු ස්ථානයක් ලෙස පෙනෙන බව විද්‍යාඥයින් පවසයි.
ඉතින් මෙන්න මේ විදියට කඩශෝවා මහත්මයා විසින් විසින් ඉදිරිපත් කල එක් න්‍යායක් යම් දුරට සත්‍ය බව ඔප්පු වෙනවා. මේ ගැන ඔයාල හිතන දේත් අනිවාර්යෙන් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

Like us on Facebook - www.facebook.com/asirimathwishwaya

No comments

Powered by Blogger.