ආලෝක වර්ෂයක් යනු කුමක්ද ? - What is a light year?

අපේ මේ විශ්වය කියන්නේ ඇති විශාල ස්ථානයක්, මේක කොහෙන් පටන් ගන්නවද කොහෙන් ඉවරවෙනවද නැත්තම් ඉවරවෙන්නේ නැද්ද කියන එක අදටත් විද්‍යාඥයින්ට ප්‍රෙහෙලිකාවක්. ඉතින් මේ අසිරිමත් වූ ඇති විශාල විශ්වයේ ග්‍රහවස්තුන් අතර දුර මැන ගන්න අපිට කිලෝමීටර් කියන ඒකකය භාවිතා කරන්න අපහසුයි, අපේ පෘථිවියට ලගම තියෙන ග්‍රහවස්තුව අගහරු ග්‍රහවස්තුවටත් දුර කිලෝමිටර් මිලියන 54.6 ක් තියෙනවා. ඉතින් එහෙම දුර මනින එක කිසිම ප්‍රායෝගික භාවයක් නැති නිසා මේ ඈත තියෙන වස්තුන් අතර දුරමනින්න අපි ආලෝක වර්ෂය භාවිතා කරනවා. ඔයාල දන්නවා ඇති මේ විශ්වයේ තියෙන වේගවත්ම දේ වෙන්නේ ආලෝකය. ආලෝකය එක තත්පරයකදී කිලිමිටර් 299,792.4 ක් ගමන් කරනවා. දැනටම හිතාගන්න පුළුවන් නේද ආලෝකය කොච්චර වේගවත්ද කියල, ඉතින් මේ ආලෝකය අවුරුද්දකට යන දුර තමා ආලෝක වර්ෂයක් කියන්නේ. ඒ කියන්නේ ආලෝකය අවුරුද්දක් ඉවර වෙනකන් යන දුර ප්‍රමාණය තමා ආලෝක වර්ෂයක් කියන්නේ. ඒක මම දැන් උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

අපේ සෞරග්‍රහ මණ්ඩලයට ලගම තියෙන ග්‍රහවස්තුව X කියල හිතන්න, ඉතින් මේ වස්තුව තියෙන්නේ ආලෝක වර්ෂ 3ක් දුරින් පෘතුවියේ ඉදන්. ඉතින් මේ වස්තුවේ දුර කිලෝමිටර් වලට හැරෙව්වොත් අවුරදු තුනක් අර ආලෝකය ගිය දුර තමා ආලෝක වර්ෂ තුනක් වෙන්නේ. ඒක අකුරෙන් කියන්නත් බැරි කිලෝමිටර් ගානක් නේද. එක ආලෝක වර්ෂයකට කිලෝමිටර් 9,460,730,472,580.8 ක් තියෙනවා. එහෙනම් ඔයාල ආලෝක වර්ෂ තුනකින් පිහිටි මේ වස්තුවට ඇති දුර පුළුවන් නම් කොමෙන්ට් කරන් යන්න උත්සහ කරන්න.

මේ පොස්ට් එකෙන් ඔයාල දැනුමක් ගත්තා නම් මේක ඔයාගේ යාළුවන් අතර share කරන්න අමතක කරන්න එපා. මේ පොස්ට් එක කියවීමට ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුති.

#Admin 






1 comment:

  1. දුර කෝටි ලක්ෂ විසිඅටහමරක්

    ReplyDelete

Powered by Blogger.