Alpha Century Star System - සූර්යාගේ අසල්වැසියන්

සූර්යාගේ අසල්වැසියන් - Alpha Century Star System
මේ විශ්වය හරිම පුදුමාකාරයි විශ්මිතයි. දැනට දන්නා තරමින් මේ විශ්වයේ ජීවයක් පවතින එකම ග්‍රහවස්තුව වන්නේ අපේ මව් ග්‍රහලෝකය හෙවත් ප්රුතුවියයි, අපේ මව් තාරකාව තරම් තාරකා විශාල ප්‍රමාණයක් මේ විශ්වයේ තිබුනත් ඒවා අසලින් ජීවින් තිබෙන ග්‍රහවස්තුවක් සොයා ගත නොහැකි වුණා. අද post එකෙන් කතා කරන්නේ හරිම අමුතු තාරකා ත්‍රිත්වයක් ගැන. ගොඩක් දුරින් නෑ. අපේ මව් තාරකාවේ අසල් වැසියෝ ගැනයි මේ කතා කරන්නේ. තේරන විදියට කිව්වොත් සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නම තාරකා මණ්ඩලය ගැනයි අද කතා කරන්නේ.
හැමෝම දන්නවා නේ Proxima Century කියන තාරකාව ගැන. ඒ තාරකාව තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයට ලගින්ම තියෙන තාරකාව. හැබැයි ලගින් කිව්වට අල්ලපු ගෙදරට යනවා වගේ නෙමේ. ආලෝක වර්ෂ 4.2 ක් පමණ දුරකින් තමයි තියෙන්නේ. තාම ආලෝකයේ වේගයේ යන රොකට් හදාගන්න බැරි වුන නිසා මේ තාරකාව ආසන්නයට යන්න වසර 20000කටත් වඩා ගතවෙනවා. කොහොම හරි මේ තාරකාව ගැන නෙමේ අපි කතා කරන්න යන්නේ. මේ තාරකාව අයත් පද්ධතිය ගැන. ඒ කියන්නේ Alpha Century ගැන තමා කතා කරන්නේ. Alpha Century කියල හදුන්වන්නේ තාරකා තුනක්. මේක තාරකා පද්ධතියක්. මේක හදුන්වන්නේ Three Stars කියලා. මේ පද්ධතියට අයිතිවෙන ප්‍රධාන තාරකා තුන,
01. Century A - Rigil Kentaurus
02. Century B – Toliman
03. Century C – Proxima Century යන නම් වලින් හදුන්වනවා.
දැන් මෙතන හැමෝම දන්න ලගම තාරකාව අයිති වෙන්නේ මේ alpha century කියන තාරකා පද්ධතියටයි. century A හා B තාරකා දෙකම අපේ මව් තාරකාව හා සමාන තාරකා දෙකක්. නමුත් එතන ඒ තාරකා දෙක පිහිටලා තියෙන්නේ එකින් එක සම්බන්ධ වූවාක් සේ, එම පද්ධති ද්විත්ව තාරකා පද්ධතියක් ලෙසින් හදුන්වනවා. ඔයාල The 100 TV Series එක බැලුවනම් මේ වගේ තාරකා පද්ධතියක් ගැන පොඩ්ඩක් දැන ගන්න පුළුවන් වෙයි. මේ තාරකා දෙකින් ටිකක් ඈතින් තමයි Proxima Century තාරකාව පිහිටලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් අර ද්විත්ව තාරකා පද්ධතිය අපිට බලන්න පුළුවන් අපේ පියවි ඇසින්ම නමුත් එය අපිට පෙනෙන්නේ තනි තාරකාවක් ලෙසින්. මොකද ඒ තාරකා දෙකම එක ලගින් පිහිටි නිසා. රාත්‍රී අහසේ දීප්තිමත්ම තාරකාව වන්නේ සීරියස් තාරකාවයි ඉන්පසු දීප්තිමත්ම තාරකාව වන්නේ Canopus තාරකාවයි. ඉන්පසු දීප්තිමත්ම තාරකාව වන්නේ මෙයයි. මේ තාරකා දෙකෙන් එක තාරකාවක් එනම් A තාරකාව ඉතාමත් දීප්තියෙන් වැඩි තාරකාවක් නමුත් B තාරකාව කුඩා හා වාමන ගණයට අයත් වෙන සිසිල් තාරකාවක්. (සිසිල් කියන්නේ උෂ්ණත්වය ගොඩක් අඩු කියන එක). මේ තාරකා දෙක පිහිටා තියෙන්නේ අපේ මව් තාරකාව හා සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත් කරපු ප්ලුටෝ තාරකාව දක්වා තරම් දුරකින්. නමුත් මෙම තාරකා දෙකෙහි දුර යම් කාල වකවානුවාදී වෙනස් වීම් වලට භාජනය වෙනවා. එවිට එහි දුර අපේ මව් තාරකාව හා සෙනසුරු අතර දුරට සමාන වෙනවා.

Proxima Century අපේ ග්‍රහ මණ්ඩලයට ලගම තාරකාව වුනාට ඒක අපිට පියවි ඇසෙන් නම් දැක ගන්න බෑ මොකද ඒක ඉතාම කුඩා තාරකාවක් වෙන අතර ඒ තාරකාව රතු වාමන තාරකාවක් නිසයි. රතු වාමන තාරකාවක් යනු තම අවසානය කරා ප්‍රවිෂ්ට වෙන වයස් ගත තාරකාවක්. මෙම තාරකාව අපේ සුර්යාටත් වඩා වයස් ගත තාරකාවක් බව සොයාගෙන තිබේ. මේ තාරකාව ආසන්නයේ ජිවත් වීමට සුදුසු කලාපයේ පෘතුවිය ප්‍රමාණයේ ග්‍රහවස්තුවක් සොයා ගෙන තියෙනවා. මේ වනවිට එය ගැන විද්‍යාඥයින් පරීක්ෂණ පවත්වමින් සිටි.
මේ post එක යාළුවො අතරේ share කරන්න, පුළුවන් නම් අපේ page එක සහ අපේ බ්ලොග් අඩවිය ඔයාගේ යාලුවොන්ට invite කරන්න. මෙම විෂයට කැමති හා ඒ පිළිබවදව උනන්දුවක් දක්වන පිරිසක් සිටීම සම්බන්ධව ලොකු සතුටක් තිබෙනවා. තවත් post එකකින් හමුවෙමු.

1 comment:

Powered by Blogger.