The Earth Part 2 - විශ්වයේ සොදුරු නවාතැන 2 කොටස

කලින් පොස්ට් එකෙන් මම ඔයාලට කිව්වා තව විස්තර ගේනවා කියල, ඇත්තටම පෘතුවිය ගැන මෙහෙම පෝස්ට් එකක් හදලා විතරක් කතා කරලා මදි, අපි නොදන්නා දේවලුත් අපි දන්නා දේවලුත් ගොඩක් තියෙනවා. අපේ ග්‍රහලෝකයේ අභ්‍යන්තරය මොන වගේ ඇතිද මොනවයින්ද ඇතුලත හැදිලා තියෙන්නේ අපි ඒ ගැන ටිකක් කතා කරමු දැන්,
පෘතුවියේ මතුපිට සිට පෘතුවියේ අභ්‍යන්තරයට වෙනකම්ම හැදිලා තියෙන්නේ පාෂාණ වලින්. මේ ප්‍රමාණය කිලෝමීටර් 6000ක් තරම් ඇතුලට යනකම්ම තියෙනවා. ඊට පස්සේ මේ පාෂාණ වලට ඉතා අධික ලෙස පැමිණෙන පීඩනය නිසා ඒවා තව දුරටත් පාෂාණ තත්වයේ තියෙන්නේ නැතුව ඒවා කැටි ගැහිලා ලෝහ බවට නැත්තම් ඝන යකඩ බවට පරිවර්තනය වෙලා තියෙනවා. පුදුම හිතෙන දෙයක් තමයි අපේ පෘතුවියේ උෂ්ණත්වය සුර්යාගේ මතුපිට උෂ්ණත්වයට වඩා වැඩි. තවත් පෘතුවිය අභ්‍යන්තරයටම යද්දී අපිට අර යකඩ බවට හැරුණු පාෂාණ ද්‍රව බවට පත්වෙලා ලාවා විදියට දැක ගන්න පුළුවන්. ඉතින් හිතන්නකෝ යකඩ වතුර වගේ දියරයක් බවට පත්වෙන්න නම් කොච්චර නම් උණුසුමක් අපේ පෘතුවියේ අභ්‍යන්තරය තුල තියෙනවා ඇත්ද. ඇත්තම කිව්වොත් මේ ලාවා තියෙන්නේ නිකන් සාගරයක් වගේ එහෙමත් නැත්තම් පෘතුවිය අභ්‍යන්තරයේ තියෙන මුහුදක් වගේ. මේ සාගරය පෘතුවියේ භාහිර හරය කියලා මේ සාගරයට විද්‍යාඥයින් නම් තබා තියෙනවා.
ඇත්තම කිව්වොත් පෘතුවියේ චුම්භක ක්ෂේත්‍රය රදාපවතින්නේ මේ භාහිර හරය මත කිව්වොත් නිවැරදි. පෘතුවියේ මේ ඔක්කොටම උඩින් තියෙන්නේ කබොලයි. අපි මේ හිටගෙන ඉන්නෙත් පෘතුවියේ කබොල උඩ තමයි. පෘතුවිය සිසිල් කරන්නේ මේ කබොල මගින්, පෘතුවිය අභ්‍යන්තරයේ තියෙන අධික උෂ්ණත්වය මේ කබොලේ වැදී ආපහු අභ්‍යන්තරයටම ගලාගෙන යනවා. ඒකට කියන්නේ සංවහන ක්‍රියවලිය කියලා. පෘතුවි කබොල කවදාවත් සෙල්සියස් අංශක 100කට වඩා රත්වෙන්නේ නෑ. එහෙම වෙලා ලාවා එලියට එන අවස්ථාත් තියෙනවා, ඒවා තමා ගිනිකදු සක්‍රිය උණාම වෙන්නේ. කලින් මම කිව්ව සංවහන ක්‍රියාවලිය දිගින් දිගටම වීම නිසා පෘතුවි කබොල කැබිලි වෙලා තියෙන්නේ දැන් ඒවා තමා භූ තැටි කියල හදුන්වන්නේ. භූ තැටි ප්‍රධාන කොටස් දෙකකින් හදුන්වනවා එනම් සාගරික තැටි හා මහද්වීප තැටි ලෙසින්.
ගිණිකදු ඇතිවෙන්නේ කෙසේද?
කලින් කිව්ව භූ තැටි වල සංවහන ක්‍රියාවලින් නිසා භූ තැටි පලුදු වෙනවා එතකොට ඒ පලුදු වුන ස්ථානවලින් පෘතුවියේ අභ්‍යන්තරයේ ඇති භාහිර හරය නමින් හදුන්වූ ලාවා වලින් යුත් සාගරය පීඩනයත් සමග ඉහලට එනවා. අන්න ඒ විදියට තමයි පොලොව යටින් ගිණි ජාලා පුපුරමින් මහා ගිනිකදු සක්‍රිය වෙන්නේ. ගිණි කදු හරි ඉක්මනට සක්‍රිය වෙන්නේ සාගර පතුලේ තියෙන ඒවා. මොකද ඒවගේ තියෙන පෘතුවි කබොල්ල ගොඩක්ම තුනී. ඒක නිසා හරි ඉක්මනට ඒ ස්ථානවල ගිනිකදු සක්‍රිය වෙනවා.
අගාධ ඇතිවෙන්නේ කෙසේද?
මේ මහා අගාධ ඇතිවෙන්නත් පෘතුවියේ මේ ක්‍රියාවලිය බලපානවා. මේ භූ තැටි සියල්ලක්ම පෘතුවියේ අභ්‍යන්තරයේ ගමන් කරනවා එය පෘතුවියේ බ්‍රමණ ක්‍රියාවලියත් සමග සිදුවන්නක්. අධික බර ඇති මහද්වීප භූ තැටියක් හා බරින් අඩු සාගරික භූ තැටියක් එකින් එකට ගැටුණු විට සාගරික භූ තැටියට උඩින් මහද්වීප භූ තැටිය ගමන් කිරීම නිසා තැටි දෙක අතර දාරය ගිලා බැසිමකට ලක් වෙනවා. අන්න එතකොට එතන ලොකු අගාධයක් බිහිවෙනවා. මරියානා අගාධය කියන්නේ ඒ වගේ එකක්
පෘතුවිය ගැන තවත් තොරතුරු මීලග පොස්ට් එකෙන් ලබා දෙන්නම්, හැමෝටම දැනගන්න මේ පොස්ට් එක share කරන්න.

No comments

Powered by Blogger.