Story of Voyager Spacecraft - විශ්වයේ ඈතට යන වොයේජර් යානාවලට මොකද වෙන්නේ

වසර 1977 සැප්තැම්බර් මස 5 වෙනි දින නාසා ආයතනය විසින් දියත් කරන ලද වොයෙජර් 1 යානාව හා වොයෙජර් 2 යානාව මේ වනවිට අපේ සෞරග්‍රහ මණ්ඩලය පසු කර ගොස් ඇත. මෙම යානා දෙකේ මුලික අරමුණ නම් ජිවයක් හමුවන තුරු විශ්වයේ ඈතට ගමන් කිරීමයි.

ඔබ දන්නවාද මෙම යානාව තුල භාෂා 55ක් සමන්විත වන අතර ඒ අතරින් එක ප්‍රධාන භාශාවක් අපේ සිංහල භාෂාව බව. තවද මෙම යානය තුල පෘතුවියේ සියලුම විස්තර ඇතුලත් කර ඇත. සංගීතය, මිනිසුන්ගේ රුප, සතුන්ගේ ශබ්ද, මේවා සියල්ලම ඇතුලත් කර ඇත්තේ රන් ආලේපිත් තැටියකයි. එම තැටිය වාදනය වෙන විට ඇමෙරිකාවේ එවක සිටි ජනාදිපතිගේ පනිවුඩයක්ද ඇසේ. මෙම තැටිය වසර බිලියනක් ගියද විනාශ නොවන ලෙස සසකසා ඇත. තවද යම් ජීවින් කොට්ටාසයකට මෙම යානාව හමුවුවොත් පෘතුවියට එන මාර්ගය පවා එම තැටියට දමා ඇත.

වොයෙජර් 1 යානාව 62,140 km/h තරම් වේගයකින් සමන්විත වන අතර වොයෙජර් 2 යානාව 57,890 km/h වේගයකින් සමන්විත වේ. වොයෙජර් 2 යානය වසර 1977 අගෝස්තු විසිවන දින දියත් කරන ලදී. පළමුව දියත් කරේ වොයෙජර් 2 යානාව වන අතර වොයෙජර් 1 යානාව පසුව දියත් කරන ලදී. වොයෙජර් 1 යානයට මුලික අරමුණු දෙකක් තිබුණි.

01 බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චුන් හා ප්ලුටො යන ග්‍රහවස්තුන් ගේ සමීප පින්තුර ගැනීම හා එම ග්‍රහවස්තුන් වල චන්ද්‍රයින් පිළිබද තොරතුරු සෙවීමයි.
02. ජීවයක් සොයා ගමන් කිරීම

මෙම යානා දෙකම මේ වනවිට සිටින්නේ අපේ හිරුගේ රශ්මියවත් නොවටන ප්‍රදේශයක වේ. මෑතකදී නාසා ආයතනය විසින් මෙම voyager 1 යානාව සෞරග්‍රහ මණ්ඩලය පසු කර Intesteller Space එකට පැමිණි බව නිල වශයෙන් දැනුම් දුන්නා. නමුත් මේ වනවිට මෙම යානා දෙකේම බැටරි බලය ක්ෂය වී යන බව විද්‍යාඥයින්ගේ මතයයි,. එම නිසා එය 2030 වසරේ අක්‍රිය විය හැකි බව ඔවුන් පවසයි. මෙම යානා දෙකම තවමත් ඉතාමත් හොද තත්වයේ පවතින බව ඔවුන් පවසයි. කෙසේ වෙතත් මෙය ඉල්ලම් පරිප්පුවක් කෑමක් බව සමහර විද්‍යාඥයින් පවසයි. සුප්‍රකට ශ්‍රේෂ්ට විද්‍යාඥයෙක් වන ස්ටීවන් හෝකින්ස් මහතා නම් පවසන්නේ අපි විශ්වයේ පිටතට පෘතුවියේ විස්තර දමා යැවීම අපිටම අපි අනතුරකට අඩ ගහගන්නවා වැනි දෙයක් බවයි. මොකද මෙම විශ්වයේ කොහේ හෝ ජීවින් පිරිසකට අපේ යානාව හමුවුවොත් එය මාර්ගයෙන් ඔවුන් පෘතුවියට පැමිණීමට ඉඩ ඇත, පෘතුවිය යටත් කර මුළු මනුස්ස සංහතියද නැතිවී යාමට මෙම ක්‍රියාව වක්‍රාකාරව බලපා හැකි බව ඔබ සිතා බැලිය යුතු කරුණකි. අපේ පෘතුවිය තිබෙන්නේ තවමත් තරුණ අවදියේ, මෙය විනාස වීමට තවත් වසර බිලියන 7.5 ක් වැනි කාලයක් ගතවෙනවා. ඉතින් ඔය කාලවකවානුවේදී මේ විශ්වයේ කොහේ හෝ ජීවින් සිටින ග්‍රහලොවක් විනාශ වී යාමට සරසුනොත් එහි සිටින ජීවින් අපේ පෘතුවියට පැමිණීමට වුවද මෙම යානා මගපාදා දෙනු ඇත. මෙහි සෘණාත්මක පැත්ත මෙය බව මතක තබාගන්න. මෙම යානා දෙකට අපේ ලගම තියෙන තරුව එනම් Alpha Century වෙත යාමට තව බොහෝ කලක් යනු ඇති බවද අවසාන වශයෙන් කිව යුතුය. 

අසිරිමත් විශ්වය ෆේස්බුක් පිටුව ඇසුරෙන් 
අපේ ෆේස්බුක් පිටුවට ලයික් කරන්න 

1 comment:

  1. තෑන්ක්ස් බ්‍රෝ, නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා.

    ReplyDelete

Powered by Blogger.