The Fermi Paradox - Fermi Paradox න්‍යාය ගැන ඉගෙන ගමු

Fermi Paradox න්‍යාය - විශ්වයේ අපි තනිවෙලාද? නැතිනම් අපිව තනි කරලද?

කලින් අපි post කිහිපයකින් විශ්වය සම්බන්ධ න්‍යායන් කිහිපයක් පිලිබදව විස්තර අරන් ආවා ඔබට මතක ඇති. පිටසක්වල ශිෂ්ටාචාර ප්‍රධාන කොටස් තුන පිලිබදව අපි post කිහිපයක් දැම්මා, ඒවා ඔබට මගහැරුනා නම් අනිවාර්යෙන් ඒවාත් කියවන්න. අද අපි ඔබට අරන් එන්නේ තවත් මෙවැනිම න්‍යායක් මෙයත් විශ්වය ගැන අධ්‍යයනය කරන්න ඉතාමත් වැදගත් වෙන න්‍යායක්. අද කතා කරන්නේ Fermi Paradox එක එහෙමත් නැත්තම් විශ්වයේ තනිවූ අපිට වුණ දේ ගැන
ඇත්තටම මේ න්‍යාය ආරම්භ වුණේ 1950 දශකයේ පමණ කාලවකවානුවක. මේ න්‍යාය ලොවට හදුන්වාදී තිබෙන්නේ Enrico Fermi නමුන් හදුන්වන විද්‍යාඥයා විසින්. ඔහු දවසක් මිතුරන් සමග දහවල් අහාරය සදහා තම මිතුරන් සමග සිටින විට ඔහු මිතුරන්ගෙන් අහනවා ඇයි එයාල තාම පරක්කු කියලා. ඒ වෙලේ යාළුවො තේරුම් ගන්නවා මේ අහන්නේ පිටසක්වල ජීවයක් සමබන්ධව කියලා. ඔය විදියට දීර්ඝව හිතන්න ගත්ත Fermi මහත්මයා න්‍යායන් කිහිපයක් මේ යටතේ ඉදිරිපත් කරන්න පටන් ගන්නවා. මෙම න්‍යාය ගැන අධ්‍යයනය කිරීමට පෙර අපි The Great Filter එක ගැන ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. මොකද ඒක තමයි මෙම න්‍යායේ මුලිකාරම්භය ලබා දෙන්නේ.
Fermi මහත්මා ප්‍රකාශ කරන ආකාරයට මේ විශ්වයේ කොහේ හෝ තැනක ජිවය සහමුලින්ම විනාශ කරන මොකක් හරි ලොකු බාධාවක් තිබෙනවා. ඒ බාධකයට තමයි The Great Filter එක කියලා කියන්නේ. ඔහු පවසන්නේ මෙම න්‍යාය මගින් අපි විටෙක සතුටු වෙන්න ඕනේ කියලා, තවත් විදියකින් අපි දුක් වෙන්න ඕනේ කියලා. සතුටු වෙන්න ඕනේ කාරණය නම් අපි මේ වෙද්දී මේ The Great Filter බාධකය පහු කරලා ඉන්නවා නම් මනුෂ්‍ය වර්ගයා පිටසක්වල ශිෂ්ටාචාරයක් කරා ගමන් කිරීම වලක්වාලිය නොහැකි බවයි. විද්‍යාඥයින් පවසන විදියට The Great Filter එක තියෙන්නේ ජීවයක් බිහිවෙන ස්ථානයේ ආරම්භය තිබෙන ස්ථානයේ. විද්‍යාඥයින් පවසන ආකාරයට ජිවය එනම් මනුෂ්‍ය වර්ගයා හා අනෙකුත් ජීවින් බිහිවී තිබෙන්නේ මේ The Great Filter එක පසු කර ආ නිසා. නමුත් මේ විශ්වයේ තිබෙන අනෙකුත් ග්‍රහ මණ්ඩල, ග්‍රහවස්තුන් හා මන්දාකිණි තවමත් මේ The Great Filter එක පහුකරලා ඇවිත් නැති නිසා පෘතුවියේ ජිවය හැර වෙනත් ජීවයක් දැකගන්න හැකියාවක් නොමැති බව ඔවුන් පවසනවා. එනම් අපි මේ The Great Filter එක පහු කරලා ඇවිල්ලා අපි අනෙකුත් මන්දාකිනිවලට වඩා ඉදිරියෙන් ඉන්නවා
නමුත් අපිට දුක් වෙන්න තිබෙන කාරණය නම් අපි තවමත් මේ The Great Filter එක පහුකරලා ඇවිත් නැහැ, ඒක අපිට ඉස්සරහින් තිබෙනවා නම් අපි මේ විශ්වයේ තනිවෙලා ඉන්න පුළුවන්. අනෙකුත් ග්‍රහ මණ්ඩල මන්දාකිණි මේ විශ්වයේ අපිට ඉදිරියෙන් තිබෙන නිසා අපිට ඔවුන් දැකගන්න නොහැකි වෙන්න පුළුවන්. තවත් විදියකින් කිව්වොත් මේ විශ්වයේ ඇති ප්‍රබල ලෙස තාරකා පුපුරා යාම් හා කළු කුහර වල උප්පත්ති සිදු වී තිබෙනවා ඉතින් මේ තාරකාවක් පිපිරෙන එකට කියන්නේ Supernova පිපිරුමක් කියලා. මෙවැනි පිපිරීමක් සිදු වුණ ගමන්ම එක තත්පරයක් ඇතුලත මුළු මහත් මන්දාකිණියක යම් ප්‍රමාණයකට විශාල විකිරණ ප්‍රමාණයක් මුදා හැරෙනවා. එවැනි හේතුන් මතත් මේ විශ්වයේ ජිවය අතුගෑවිලා ගොස් යන්නට ඇති යයි විද්‍යාඥයින් විශ්වාස කාරනවා. අපේ සෞරග්‍රහ මණ්ඩලය තවමත් මෙම බාධකය පසු කරලා නැතුව ඇති එම නිසා මේ විශ්වයේ අපි තනිවෙලා ඉන්නවා ඇති යයි විද්‍යාඥයින් විශ්වාස කරනවා. නැතිනම් අපේ මුළු මන්දාකිණියම The Great Filter එක පහු කරලා නැතිවෙන්න පුළුවන් මේ The Great Filter එක ගැන කියන තවත් විදියක් උද ජේදයේ කියල තියෙන එකයි මේ ජේදයේ තිබෙන එකයි එකට එකක් අදාළ නෑ මෙතන තියෙන්නේ theory දෙකක් බව මතක තබා ගන්න.
කෙසේ වෙතත් The Great Filter එක ආකාර දෙකකින් ඉහත කිව්ව විදියට අධ්‍යයනය කරන්න පුළුවන්. ඔයාලට මේ අලුත් න්‍යාය තේරුම් ගියේ නැත්තම් දෙපාරක් විතර මේ post එක අනිවාර්යෙන් කියවන්නන. විශ්වය ගැන අධ්‍යයනය කරන්න කැමති නම් ඔබ අනිවාර්යෙන් මෙවැනි න්‍යාය ඉගෙන ගත යුතු වෙනවා. මේ පොස්ට් එක හදන්න මම ගොඩක් කරුණු හොයාගන්න ටිකක් විතර මහන්සි වුණා. මොකද මේක ටිකක් තේරුම් ගන්න අපහසු ගැබුරු න්‍යායක්. මේ පොස්ට් එකෙන් ඔබ යම් දැනුමක් ලබා ගත්තා නම් අනිවාර්යෙන් මේ පොස්ට් එක ඔබගේ මිතුරන් අතර share කරන්න අමතක කරන්න එපා. ස්තුතියි

No comments

Powered by Blogger.