Tobby's Star - අරුම පුදුම තාරකාව


අරුම පුදුම තාරකාවක් - Tabby’s Star (KIC 8462852)

අද ඇත්තටම කියන්න යන්නේ හරිම අමුතු කතාවක්, ඔයාලට මතක ඇතිනේ කෙප්ලර් ටෙලස්කෝප් එක. ඒක අවසන් ගමන් ගිය විදියත් මතක ඇතිනේ හැමෝටම. හැබැයි එයා අන්තිම ගමන් ගියේ තාරකා විද්‍යාවට කරන්න පුළුවන් උපරිම සේවාව සපයලා කිව්වොත් නිවැරදි. ඉතින් මේ කේප්ලර් ටෙලස්කෝප් එක හැදුවේ විශේෂ හේතුවකට, ඒ තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයට පිටින් තියෙන තාරකා වටා කක්ෂ ගතවෙලා තියෙන ග්‍රහවස්තු නිරීක්ෂණය කරන්න. ඒත් ඒක සරල වැඩක් කියල නම් හිතන්න එපා. මේ දුරේක්ෂයෙන් කරන්නේ තරුවක් නිරීක්ෂණය කරලා ඒ තාරකාවේ ආලෝකය අඩුවැඩි වීම මගින් පවතින ග්‍රහවස්තුන් පිළිබද අධ්‍යයනය කිරීමක්. එහිදී ලැබෙන දත්ත අනුවයි ග්‍රහවස්තුන් පිලිබදව තීරණය වෙන්නේ. උදාහරණයක් විදියට තාරකාවක ආලෝකය 1%ක් හෝ 2% අඩු වුණොත් එහෙම වෙන්නේ අපේ බ්‍රහස්පති එහෙමත් නැත්තම් සෙනසුරු වගේ විශාල ග්‍රහලෝකයක් මේ තාරකාව ඉදිරියෙන් ගමන් කරද්දී කියල තමා විද්‍යාඥයින් පවසන්නේ.

ඉතින් මේ දුරේක්ෂය අපේ මුළු අභ්‍ය්වකාශයම නිරීක්ෂණය කරන්නේ නෑ, එයාගේ රාජකාරිය වුනේ අපේ ක්ශීරපථයේ සුළු ප්‍රදේශයක් නිරීක්ෂණය කරන්න විතරයි. ඉතින් ඒ කොටසේ තාරකා හිතාගන්න බැරි තරම් තියෙනවා. ගණන් කරගන්න බැරි තරම්. කෙප්ලර් හොයාගන්න මේ දත්ත මේ හැමදෙයක්ම මිනිසුන් විසින් manually analyze කරන්න නාසා එකෙන් පොඩි project එකක් පටන් ගත්තා. මේ project එකේ වැඩ කරා විද්‍යාඥවරියක්. එයාගේ නම ටැබිතා. ඉතින් මෙයා තමයි ඔය අරුම පුදුම තරුව හොයාගන්නේ අර දත්ත වලින්. ඒ සොයාගැනීමට ගරු කිරීමක් විදියට මෙතුමියගේ නම දාලා මේ තාරකාවට Tabby’s Star කියල නම දැම්මා. දැන් අපි මේ තාරකාවේ විශේෂත්වය මොකද්ද කියල බලමු,

මේ තාරකාවත් සුපුරුදු විදියට නිරීක්ෂණය කරනකොට හිටි හැටියේම මේ තාරකාවේ ආලෝකය 15% ක් 18% ක් විතර එක පාරටම අඩු වෙන්න ගත්තා. මෙහෙම අඩුවෙනවා වැඩිවෙනවා එයාල සැරින් සැරේ දැක්ක. මේක දැක්ක විද්‍යාඥයින් පුදුම වුණා. මෙච්චර විශාල ප්‍රමාණයකින් මේ තාරකාවේ ආලෝකය අඩු වෙන්න නම් විශාල වස්තුවක් මේ තාරකාව ඉදිරියේ තියෙන්න ඕනේ කියල තමා විද්‍යාඥයින් ප්‍රකාශ කරේ. මේ විශාල වස්තුව පස්සේ කිසි සේත්ම ග්‍රහවස්තුවක් වෙන්න බෑ කියල එයාල හොයාගත්ත. මොකද ග්‍රහවස්තුවක් නම් තාරකාවේ ආලෝකය සමමිතිකවයි අඩුවිය යුත්තේ, මොකද ගෝලාකාර බව නිසා. එසේ සිදු නොවූ නිසා මේක කිසිසේත්ම ග්‍රහවස්තුවක් නොවන බවට විද්‍යාඥයින් තීරණය කරා. නමුත් අවසානයේ සමහර අය නම් කිව්වේ මේ තාරකාව වටේට විශාල නෙබුයුලා එකක් තියෙනවා කියලා, සමහරු කිව්වා මේක වටේට දූවිලි වලාවක් වගේ දෙයක් තියෙනවා කියලා. හැබැයි අවසානයේ මේ සියලුම මත බැහැර කරමින් මෙහි දියණු පිටසක්වල ශිෂ්ටාචාරයක් පවතින බවට හැමෝම අවසානයේ එකග වුණා. අදටත් මුළු පෘතුවියේම තියෙන දුරේක්ෂ මෙම තාරකාව දෙස තම කාචය යොමු කරමිනුයි සිටින්නේ. නමුත් තවමත් කිසිදු අලුත් තොරතුරක් හොයාගන්න ලැබිලා නෑ.

පිටසක්වල කතාව ගැන වැඩි විස්තර කියන්නම් ඊලග පොස්ට් එකෙන්. දියණු ජිවින්ගේ ශිෂ්ටාචාර, Type1, Type 2, Type 3 Civilization ගැන ඊලග පොස්ට් එකෙන් බලාපොරොත්තුවන්න!  

No comments

Powered by Blogger.