Our Solar System - අපේ සෞරග්‍රහ මණ්ඩලය

සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ මොකද්ද කියල අහන ඕන කෙනෙක් කියයි. ඒත් සෞරග්‍රහ මණ්ඩලය ගැන තවත් කරුණු සමග නොදන්න අයත් දැනුවත් කරන්නයි මේ පෝස්ට් එක අපි දාන්නේ

සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ අපේ සූර්යා ඇතුලු අපේ අනිකුත් ග්‍රහවස්තු ඇතුලත් අපේ පද්ධතියටයි. එනම් එය Solar System හෙවත් සෞරග්‍රහ මණ්ඩලය වේ. අපි මුලින්ම අපේ සූර්යාගේ සිට මුලු සෞරග්‍රහ මණ්ඩලය ගැනම කතා කරන්න පටන් ගමු.

සූර්යා කියන්නේ තාරකාවක් වන අතර එය කහ පැහැති තාරකාවකි. එයට එම කහ පැහැති ආලෝකය ලැබී ඇත්තේ එහි ඇති හයිඩ්‍රජන් හා හීලියම් වල දහනය වීම නිසාවෙනි. සූර්යා අසලට යාමට වත් අපට නොහැකිය මන්ද එහි ඇති අදික තාපය නිසාවෙනි. එසේ ගියද අනිවාර්යයෙන් ඔබ හෝ ඔබ රැගත් යානය ලාවා බවට පත් වන්නේ තත්පර ගණකටත් අඩුවෙනි. සූර්යා හෙවත් තාරකාව අත්පත් කරගෙන සිටින ග්‍රහවස්තු මේ වන විට 8ක් පවති. මෙලෙස සූර්යා විසින් ග්‍රහවස්තු තම අනසකට යටත් කරගන්නේ සූර්යා තුල ඇති අධික චුම්බක ක්ෂෙත්‍රයේ ප්‍රතිඵලයක් වශයෙනි. එම නිසා අපගේ සූර්යා ඇතුලුව ග්‍රහවස්තු 8ක් සූර්යා වටා කක්ෂ ගතවී පවති. මේ හේතුව නිසා මෙය සූර්යග්‍රහ මණ්ඩලය හෙවත් සෞරග්‍රහ මණ්ඩලය නමින් හදුන්වයි. ඒවා පිලිවෙලින් මෙසේය,

01. බුධ
02.සිකුරු
03.පෘථිවිය
04.අගහරු
05.බ්‍රහස්පතී
06.සෙනසුරු
07.යුරේනස්
08.නෙප්චූන්

ලෙසින් හදුන්වාදීමට හැකිය. මීට වසර කිහිපයකට ඉහතදී ප්ලූටෝ ග්‍රහයා අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුල සාමාජීකත්ත්වය දැරුවත් එය 2009 වසරේදී ඉවත් කොට දමනු ලැබුවේ එය වාමන ග්‍රහයෙක් බව සනාථ වූ නිසාය. ඉහත කී ග්‍රහමණ්ඩලය තුල පවතින බුධ, සිකුර,පෘථිවි අගහරු දක්වා ග්‍රහලෝක පාෂාණයෙන් සැදුම් ලත් ග්‍රහලෝක වේ. ඒවායේ පොලවක් හෙවත් මතුබිමක් පවතී. එනම් ගොඩ බැසීමට හැකිය. එවැනි ග්‍රහවස්තු වල ජීවයක් පැවතිය හැක. නමුත් බ්‍රහස්පතී සිට නෙප්චූන් ග්‍රහවස්තුන් වායුමය ග්‍රහ වස්තූන් වන අතර ඒවායේ ගොඩබැසීමට පොලවක් නොමැත. එම නිසා එය වායුමය ස්වරූපයක් දක්වයි. තවද එම ග්‍රහවස්තුන් වල කිසිසේත්ම ජීවයක් පැවතිය නොහැක. මන්ද එහි මතුපිට නොමැති නිසාවෙනි.

ඉහත කී ග්‍රහමණ්ඩලය සතු ග්‍රහවස්තුන් සතුව චන්ද්‍රයින් පවතී.එම චන්ද්‍රයින් ඉතාමත් කුඩා හා විශාල ප්‍රමාණයන් වලින් සමන්විත වේ. සමහර ග්‍රහවස්තුන් වලට චන්ද්‍රයන් පිහිටා නොමැත. එනම් බුධ ග්‍රහයා හා සිකුරු ග්‍රහයා උදාහරණ ලෙස හදුන්වාදිය හැක. කෙසේවෙතත් අපගේ ලෝකය එනම් පෘතුවිය සතුව ඇත්තේ ඒක චන්ද්‍රයෙක් බව අප දන්නා කරුණකි. නමුත් ඔබ දැන සිටියේද, අගහරු සිට ප්ලුටෝ දක්වා ඇති සියලු ග්‍රහලෝකයන් සතුව චන්ද්‍රයන් දෙකකට වඩා පවතින බව. අගහරු ග්‍රහයාට චන්ද්‍රයන් දෙදෙනෙකු සිටින අතර බ්‍රහස්පති ග්‍රහයා සතුව චන්ද්‍රයින් 63ක් සමන්විත වේ. ඒ එම ග්‍රහවස්තුවේ ඇති අධික ගුරුත්වය හේතුවෙනි. එම නිසා බ්‍රහස්පති ග්‍රහයාට පෘතුවිය තරම් විශාල වූ චන්ද්‍රයින් පවා පාලනය කිරීමට හැකියාව පවතී. යුරෝපා නමැති චන්ද්‍රයා බ්‍රහස්පති සතු විශේෂ චන්ද්‍රයෙකු බව කිව යුතුය. තවද අප සෞරගහ මණ්ඩයේ පවතින අලංකාරමත් ග්‍රහයා වන සෙනසුරු සතුවද චන්ද්‍රයින් 62ක් ඇත. තවද යුරේනස් හා නෙප්චුන් යන ග්‍රහයින් වටා පිලිවෙලින් චන්ද්‍රයින් 27ක් හා 17ක් සමන්විත වේ. තවද වාමන ග්‍රහයෙකු වී අප සෞරග්‍රහ මණ්ඩලයේ සාමාජිකත්වය අහිමිවූ ප්ලුටෝ සතුවද චන්ද්‍රයින් 5ක් සිටි.

තවත් සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශේෂ ස්ථානයක් ලෙස අස්ට්‍රොයිඩ වළල්ල හදුන්වන්න පුළුවන්. මෙය පහත පින්තුරයේ අගහරු හා බ්‍රහස්පති අතර තිබෙනු ඔබට දැක ගත හැක. මෙම වළල්ල සැදී ඇත්තේ ඉතා අතීතයේ අගහරු සහ බ්‍රහස්පති අතර තිබු ග්‍රහවස්තුවක් විනාශ වී යාමෙන් බව විද්වතුන්ගේ මතයයි. එය එහි ඇති ග්‍රාහක කැබලි මගින් සනාථ වේ. එම ග්‍රාහක කැබලි කක්ෂගත වීම නිසා මෙය අදටත් දැකබලා ගත හැකිවේ.

අප මෙම මාතෘකාව යටතේ කතා කලේ සෞරග්‍රහ මණ්ඩලය ගැන පමණක් බැවින් ඉහත ග්‍රහ වස්තුන් පිලිබදව සවිස්තරාත්මකව තොරතුරු ඉදිරියේදී ලබාදීමට අප සුදානම් වී සිටි.

2 comments:

Powered by Blogger.