The Earth Part 01 - විශ්වයේ සොදුරු නවාතැන 1 වෙනි කොටස (පෘතුවිය)



ඇත්තටම අපි ජිවත් වෙන ලෝකය මොනවගේ තැනක්ද? ඇයි අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අපේ ග්‍රහවස්තුව විතරක් ජීවයක් පවතින ග්‍රහවස්තුවක් වුනේ. අපි පෘතුවියට ආවේ කොහොමද? එතකොට අපේ පෘතුවියෙන් 70%ක් ජලය තියෙන්නේ කොහොමද? පිස්සු වගේ නේද. ඔව් මේවට තාමත් හරියටම ඔප්පු කරගන්න පුළුවන් විස්තරයක් හොයාගන්න බැරි වුණා. යම් යම් අයගේ මත විතරයි තියෙන්නේ. එහෙනම් අපි පෘතුවිය හෙවත් අපේ ලෝකය ගැන ටිකක් කතා කරමු,

අපේ ලෝකය දැනට සොයාගෙන ඇති අන්දමට මේ මුළු විශ්වයේම ස්ථිර වශයෙන් ජීවයක් පවතින එකම ග්‍රහවස්තුව. නමුත් ජිවය පවතින ග්‍රහලෝක ඇති, ඒත් අපිට නිශ්චිතවම කියන්න බෑනේ, අපි දැකලත් නෑ ඒ ජිවින්ව. අපේ පෘතුවිය පාෂාණමය ග්‍රහවස්තුවක්, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්,

01.   පාෂාණමය ග්‍රහවස්තුන්
02.   වායුමය ග්‍රහවස්තුන්

සාමාන්‍යයෙන් මව් තාරකාවට ආසන්නයේ තියෙන ග්‍රහලෝක තමයි පාෂාණමය ග්‍රහවස්තුන් වෙන්නනේ. අපේ පෘතුවිය පිහිටලා තියෙන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වාසයට හිතකර ස්ථානයක. ඒකට කියන්නේ Habitable Zone කියලා. ඒකෙම තමා අගහරුත් තියෙන්නේ. අපේ පෘතුවියේ ජලය ද්‍රව මට්ටමේ මේ ආකාරයෙන් පවතින්නේ මේ පිහිටීම නිසා කිව්වොත් නිවැරදි. මොකද සූර්යාට ආසන්නයේ පිහිටි ග්‍රහලෝක වල ජලය පවතින්නේ නෑ, ඒ වගේම සූර්යාට ගොඩක් ඇතින් තියෙන ග්‍රහලෝක වල ජලය තිබුනත් ඒවා පවතින්නේ අයිස් විදියට. අපේ පෘතුවියේ මේ කිසිම ගැටළුවක් නෑ මොකද වාසයට හිතකර ප්‍රදේශයේ පිහිටලා තියෙන නිසා. දැන් එහෙනම් අපේ පෘතුවියේ ලක්ෂණ ගැන ටිකක් කතා කරමු

අපේ පෘතුවියේ විෂ්කම්භය 12756 km වෙනවා. ඇත්තම කිව්වොත් පෘතුවියට සෞරග්‍රහ මණ්ඩලයෙන්  හිමිවෙන්නේ විශාලත්වයෙන්  5 වෙනි ස්ථානය. හැබැයි පාෂාණමය ග්‍රහවස්තුව අපේ පෘතුවිය තමයි මුළු සෞරග්‍රහ මණ්ඩලයෙන්ම. අපේ ලෝකෙට සූර්ය වටා ඇත්තටම යන්න දින 365ක් කියල ඔයාල දැනන් ඉදියට එයාට දින 365.2564ක් යනවා. හරියටම කිව්වොත් ඉතින් දින 366කට ආසන්නයි වගේ. අපේ මුළු පෘතුවියේම භාගෙට වඩා තියෙන්නේ වතුර, හැබැයි බොන්න බෑ ලුණු වතුරනේ, 70%ක් තියෙන්නේ වතුර. 1%ක් වගේ තමා බොන්න තියෙන්නේ. ඔව් ඒ ටිකත් නැතිවෙයි අද හෙටම මේ ගස් කපන කැපිල්ලට. ඇත්තටම කිව්වොත් අපේ ලෝකය ගෝලාකාර නෑ ඒක පොඩ්ඩක් පැතලි ගෝලාකාර හැඩයක් තමා පෙන්න්නුම් කරන්නේ. තව අපේ පෘතුවිය අංශක 23.5ක් ඇල වෙලා තමා තියෙන්නේ. මේ හේතුව නිසා තමා පෘතුවියේ එක එක කාලවලට සෘතු බේද ඇතිවෙන්නේ. අපේ පෘතුවිය පිහිටලා තියෙන්නේ අපේ සුර්යාගේ ඉදන් කිලෝමීටර් මිලියන 149.6ක් තරම් දුරකින්. අපේ ලෝකයේ පරිභ්‍රමණ කාලය තත්පරයට කිලෝමීටර් 29.78 ක් වෙනවා.

වායුගෝලය ගැන කතා කරොත්, 78.08%ක් ම තියෙන්නේ නයිට්‍රජන් වායුව, ඔක්සිජන් තියෙන්නේ මේ වෙනවිට 20.95 % ක්. කලින් තිබ්බේ 21%ක ප්‍රමාණයක්. පේනවනේ අපේ ලෝකයේ විනාශය කරා යන විදිය. මේ ටික අඩු වුණා කියන්නේ මිනිස් සංහතිය සහ සියලු ජීවි ප්‍රජාව සහමුලින්ම වදවෙලා යාවි තව කාබන්ඩයොක්සයිඩ් තියෙනවා 0.038%ක්. තව ආගන්, ජල වාෂ්ප වලින් වායුගෝලය හැදිලා තියෙනවා. පෘතුවියට එක දවසක් සම්පුර්ණ කරන්න (ඉර උදාවෙලා බැසයන්න) ඒ කියන්නේ පෘතුවියට තම අක්ෂය වටා කැරකෙන්න පැය 23යි විනාඩි 56යි තත්පර 4ක් ගතවෙනවා. ආසන්න වශයෙන් පැය 24ක් කියලා කියන්න පුළුවන්. ඇත්තම කිව්වොත් අපේ පෘතුවියේ වයස දැන් අවුරුදු මිලියන 200ක් පමණ වෙනවා කියලා හොයාගෙන තියෙනවා. විද්‍යාඥයින් කියන විදියට ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉදන් කිලෝමීටර් 80ක් විතර උසකට ගමන් කරොත් ඒ ගමන් ගත් පුද්ගලයා ගගනගාමිකයෙකු වෙන බවයි. මොකද එතනින් එහා තියෙන්නේ අභ්‍යවකාශය නිසා. හැබැයි ඇත්තටම අපේ පෘතුවියෙන් හරියටම එලියට යන්න නම් අපි කිලෝමීටර් 99.7783 ක් යන්න ඕනේ.

මම මේ ලිපියට ලියන්නේ මෙච්චරයි මොකද පෘතුවියේ මීට වඩා විස්තර ගොඩක් කියන්න තියෙනවා. ඒ ටික ඊලග පෝස්ට් එකෙන් ගේන්නම් මේකේ දෙවැනි කොටස විදියට. මේක දිග වැඩි නිසා කියවන ඔයාට එපා වෙන නිසයි මෙහෙම කරන්නේ. එහෙනම් දෙවැනි කොටසින් හමුවෙමු



No comments

Powered by Blogger.