What is the Nebula? - මොනවද මේ නෙබියුලා කියන්නේ

තාරකාවක් මිය යන හැටි අපි කලින් ඔයාලට කිව්ව මතක ඇතිනේ, Super Nova එකක් වෙලා මහා පිපිරුමක් එක්ක තාරකා මිය යන හැටිත් අපි කිව්වා. අද කතා කරන්න යන්නේ තරුවක් කොහොමද උපදින්නේ ඒ වගේම තරු ඉපදෙන්න හේතුවෙන නෙබියුලාස් ගැන.
අපේ විශ්වයේ විශාල ප්‍රදේශ වල මේ Nebulas දැක ගන්න පුළුවන්. සමහර ඒවා ආලෝක වර්ෂ ගණන් ඈතට පැතිරිලා තියෙනවා. මේ Nebulars බිහිවෙලා තියෙන්නේ විශ්වයේ ආරම්භය සිදුවන්නට හේතු වුනු මහා පිපිරුමත් සමග කියලයි විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ. මේ nebulas නිර්මාණය වෙලා තියෙන්නේ දූවිලි අංශු, හයිඩ්‍රජන් හීලියම් පරමාණු වැනි දේ විශාල ලෙසින් එක් රැස් වෙලා තමයි මේ nebulas බිහිවෙලා තියෙන්නේ. මේවයේ පවතින මෙම සංඝටක හේතු කරගනිමින් තාරකා බිහිවෙන බව විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා.
nebulas විශාල තාරකාවක් පිපිරුමෙන් වුවද ඇතිවිය හැකි බව සොයා ගෙන තිබෙනවා. සුපිරි නෝවා පිපිරුමකින් පසුව එම තාරකාව විනාශ වී, කළු කුහරයක් වීමේ මග සලසා විශ්වයේ ඈතට විසිරෙන එම තාරකාවේ සංඝටක මගින්ද nebula ඇති විය හැකි බව සොයා ගෙන තිබේ. nebula විවිධ නම් වලින් හදුන්වන අතර දැනට සොයාගෙන ඇති ආකාරයට විශාලම nebular එක The Tarantula Nebula එකයි. එය ආලෝක වර්ෂ 170,000 ක් පුරා විශාල ප්‍රමාණයක් දක්වා පැතිර තිබේ. අපේ මන්දාකිනියේද මෙවැනි nebula කිහිපයක් දැක ගත හැකිය. NGC 248, Orion Nebula, Great Rift යානාදී nebula මෙන්ම තවත් බොහෝ ප්‍රමාණයක් අප මන්දාකිණිය සතු වේ.
#Admin

No comments

Powered by Blogger.