A Voyager 2 Sent a Message to Earth Again - නිහඩව සිටි වොයෙජර් 2 යානය නැවතත් සඥ්ඥා දක්වයි

 නිහඩව සිටි වොයෙජර් 2 යානය නැවතත් සඥ්ඥා දක්වයි

වොයෙජර් යානා ගැන මේ වෙනකොට අපේ පේජ් එකත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝම දන්නවා ඇති කියලා මම හිතනවා. දන්නේ නැතී කට්ටියටත් එක්ක දැනගන්න ආයෙත් මේ ව්යාපෘතිය ගැන මතක් කරලම අද කතාවට එන්නම්
වොයෙජර් ව්යාපෘතිය ආරම්භ කලේ ක්රි.ව 1977 වර්ෂයේ. මේ ව්යාපෘතිය පටන් අරන් තියෙන්නේ විශ්වයේ කොහේ හෝ තැනක ජීවින් කොටසකට මෙම යානා හමුවන තෙක් විශ්වයේ ඈතට ගමන් කිරීමයි මෙම ව්යාපෘතියේ අරමුණ. ඉතින් මේ ව්යාපෘතියෙන් යානා දෙකක් අභ්යවකාශයට මුදා හැරියා. මුලින් මුදාහැරියේ වොයෙජර් 2 යානය. ඒ 1977 වසරේ අගෝස්තු 20 වෙනි දින. ඊට දවස් 16 කට පස්සේ තමයි වොයෙජර් 1 යානය අභ්යවකාශ ගත කරන්නේ එනම්, 1977 සැප්තැම්බර් 5 වන දිනයි. හැබැයි මේ වෙද්දී ඉදිරියෙන් තියෙන්නේ වොයෙජර් 1 යානය. ඒකට හේතුව තමයි වොයෙජර් 2 යානයට වඩා 1 යානය වේගවත් වීමයි. මේ වනකොට මේ යානා දෙකම සෞරග්රහ මණ්ඩලයෙන් එලියට ගිහින් තියෙන්නේ. මේ යානා දෙක ගැන අපි කලින් දැම්ම පෝස්ට් එකේ ලින්ක් එක පහලින් දාන්නනම්.
මීට මාස 6කට විතර කලින් වොයෙජර් 2 යානයේ සියලුම පණිවුඩ ලැබෙන එක නැවතී ගියා. ඒ ඇත්තටම වොයේජර් යානයේ ගැටළුවක් වනොවේ. එයට හේතුව වොයේජර් 2 යානය සමග ගනුදෙනු කරන ඕස්ට්රෙලියාවේ පිහිටි Deep Space Station 43 නමැති satellite ඇන්ටනාව තුල සිදු කරන ලද අලුත්වැඩියාවක් හේතුවෙන් බවයි විද්යාඥයන් පවසන්නේ. ඔවුන් පවසන අන්දමට වොයේජර යානාවත් සමග තවත් දීර්ඝ කලක් ගනුදෙනු කිරීමට නම් මෙම ඇන්ටනාව තවත් හොදින් අලුත්වැඩියා කල යුතු බවයි. එම නිසා මෙය පුරා මාස 11ක් පමණ කාලයක් අඩපන කොට අලුත්වැඩියා කර අවසානයේ නැවතත් වොයේජර් 2 යානවත් සමග සම්බන්ද වීමට හැකිවී තිබෙනවා. නමුත් මේ වනවිටත් වොයේජර් යානාව සමග ගනුදෙනු තාවකාලිකව සිදුවෙමින් පවතිනවා. මෙම ඇන්ටනාවට නව අලුත් උපකරණ සවි කර 2021 වසරේ පෙබරවාරි මස මෙය අවසන් කොට නැවතත් සුපුරුදු පරිදි වොයේජර් යානා සමග ගනුදෙනු කිරීමට මොවුන් බලාපොරොත්තු වෙනවා.
වොයේජර් යානාව තව වසර කිහිපයක් එනම් 2024 වන තෙක් එහි ඇති බැටරි බලයෙන් ක්රියාත්මක වේ යයි විද්යාඥයින් විශ්වාස කරනවා. නමුත් මෙහි ගමනාගමනය නම් නතර නොවේවි මන්ද අභ්යවකාශය රික්තකයක් ලෙසින් ක්රියාත්මක වෙන නිසා වෙනත් ජීවියෙකු හෝ ග්රාහකයක ගැටෙන තෙක් මෙය ගමන් කරාවි.

වොයෙජර් යානා ගැන තවත් තොරතුරු දැනගැනීමට පහත වීඩියෝව නරඹන්න


ස්තුතියි!

No comments

Powered by Blogger.