පෘතුවි ජීවයට වඩා ප්‍රබල ජීවයක් සොයාගැනේ - Life Better than Earth

 පෘතුවි ජීවයට වඩා ප්රබල ජීවයක් සොයාගැනේ


මේ සක්වල පුරාම ගමන් කළහොත් අපිට නොයෙකුත් වර්ගයේ තාරකා ග්රහවස්තුන් සොයාගන්න පුළුවන් වේවි. ඒ වගේම අපි දැනටමත් සොයා ගෙන නැති විශ්වය පිළිබද විවිධ රහස් පවා සොයාගත හැකි වේවි. නමුත් මේ දක්වා දියුණු තාක්ෂණයක් කරා පැමිණීමට පෘතුවි ජීවින් වන අපිට නොසිතූ ලෙසන් උත්සහ කිරීමට සිදු වෙනවා. නාසා ආයතනය මේ වනවිට පෘතුවියේ ජිවයටත් වඩා ප්රබල ජීවයක් ඇතැයි සැක කරන පිටස්තර ග්රහවස්තුන් රැසක් සොයාගෙන තිබෙන බව ඔබ දන්නවාද? දැන් අපි මුලින්ම බලමු පිටස්තර ග්රහවස්තුන් නමින් හදුන්වන්නේ කුමන වර්ගයේ ග්රහවස්තුන්ද කියා,

අපේ සෞරග්රහ මණ්ඩලයට අයත් නොවන ග්රහවස්තුන් සියල්ලම පිටස්තර නැත්නම් පිටසක්වල ග්රහවස්තුන් ලෙසින් විද්යාඥයින් හදුන්වනවා. ඉංග්රීසි භාෂාවෙන් මෙවැනි ග්රහවස්තුන් Exoplanet යන නමින් තමයි හදුන්වන්නේ. ඉතින් මේ වගේ පිටස්තර ග්රහවසතුන් 4000ක් පමණ මේ වන විට විද්යාඥයින්ට සොයා ගැනීමට හැකි වී තිබෙනවා. ඉතින් විද්යාඥයින් මේවා එකින් එක අධ්යයනය කර විශාල තොරතුරු සංඛ්යාවක් සොයාගෙන තිබෙනවා. ඒ අධ්යනයන් වල ප්රතිපල විදියට විද්යාඥයින්ට ජීවයක් පැවතිය හැකි ග්රහවස්තුන් 24ක් පමණ සොයාගැනීමට හැකි වී තිබෙනවා. ඔවුන් පවසන්නේ මේ ග්රහවස්තුන් 24 ම එම තාරකා පද්ධති වල ජිවත් වීමට සුදුසු කලාපයේ පිහිටා තිබෙන නිසා මේ ග්රහවස්තුන් වල ජීවයක් ඇති වීමට හෝ ජීවයක් තිබීමට විශාල ඉඩකඩක් ඇති බවයි.

ඒ වගේම ඔවුන් පවසන්නේ මේ ග්රහවස්තුන් වල තාරකා පද්ධති පෘතුවියට අයත් සුර්යයට වඩා ප්රමාණයෙන් අඩු වැඩි වන නිසා පෘතුවියේ ජීවයට වඩා වෙනස් හෝ ප්රබල ජීවයක් මේවායේ ඇති විය හැකි බවයි. ඉතින් විද්යාඥයින් සැක පල කරන ආකාරයට මේ තාරකා පද්ධති වල පෘතුවියට වඩා වෙනස් ස්වභාවධර්මයක් තිබිය හැකියි. ඒ වගේම එහි සිටින ජිවින්ද පෘතුවි ජිවින්ට වඩා බොහෝ වෙනස් විය හැකි යයි ඔවුන් තරයේ විශ්වාස කරනවා

මේ වන විට සොයාගත් Kepler – 452b, Kepler – 442b සහ Kepler- 22b නමින් හදුන්වන පිටසක්වල ග්රහවස්තුන් මේ ආකාරයේ ජීවයක් පැවතීමට ඉඩ ඇති යයි නාසා ආයතනයේ විද්යාඥයින් සැක පල කරනවා. මේ ග්රහවස්තුන් පිහිටා තිබෙන්නේ පෘතුවියේ සිට අලෝක වර්ෂ 1,206 ක පමණ දුරකිනි.

මේ අතරින් කෙල්පර් 452b ග්රහවස්තුව විශේෂයි, මොකද මේ ග්රහවස්තුව පෘතුවියට වඩා විශාල වගේම, පෘතුවියට වඩා වෙනස් සංගටක පෙන්නුම් කරනවා. ඒ වගේම මේ ග්රහවස්තුව 100% ම ආසන්න ප්රමාණයක ජීවත්වීමට සුදුසු කලාපයේ කෙප්ලර් තාරකාවත් සමග ස්ථානගත වී තිබෙනවා. ඒ වගේම මෙහි පෘතුවියටත් වඩා ඉතාමත් සුවිශේෂී වායුගෝලයක් මෙන්ම ගුරුත්වයක් ඇති යයි විද්යාඥයින් සොයාගෙන තිබෙනවා. ඒ වගේම මේ ග්රහවස්තුන් පිහිටා තිබෙන තාරකා පද්ධතියේ මව් තාරකාව සුර්යාට වඩා පැරණි බවත් ඔවුන් සොයාගෙන තිබෙනවා.

ඉතින් මේ ආකාරයේ පැරණි තාරකාවක් තිබීම නිසාත් පෘතුවියටත් වඩා සුවිශේෂී වන ග්රහවස්තුන් මෙහි පිහිටා තිබෙන නිසාත් ජීවයක් පැවතීම අනිවාර්ය බව විවාදයකින් තොරව විද්යාඥයින් ප්රකාශ කරනවා.
මේ ග්රහවස්තුන් super earth යන නමිනුත් හදුන්වන බව අවසාන වශයෙන් මතක තබා ගන්න


No comments

Powered by Blogger.