Everything About Solar System - සෞරග්‍රහ මණ්ඩලය ගැන දැනගත යුතු සියලු දෑ

හැමදෙනාම දන්නවා නේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ මොකද්ද කියලා, ඕනේ පොඩි එක්කෙනෙක් ගෙන් ඇහුවොත් කියයි. හැබැයි කවුරු කොහොම කිව්වත් අපේ සෞරග්රහ මණ්ඩලය ගැනත් අපි නොදන්නා දේවල් කොච්චර නම් ඇතිද, අද කතා කරන්න යන්නේ සෞරග්රහ මණ්ඩලය ගැන ටිකක් සවිස්තරාත්මකව තේරෙන සිංහලෙන්. post එක කියවන්න කලින් දාලා තියෙන පින්තුරය හොදින් බලල ඉන්න 😃
අපේ සෞරග්රහ මණ්ඩලය කියන්නේ අපේ සුර්ය නමින් හදුන්වන තාරකාව වටා ගමන් කරන ග්රහ මණ්ඩලය හා වෙනත් වස්තුන් කිහිපයටයි. මෙහි වෙනත් වස්තුන් ලෙස මා අදහස් කරේ ග්රාහක හා වාමන ග්රහයින් බව මතක තබා ගන්න. අපේ සෞරග්රහ මණ්ඩලය සැදිලා තියෙන්නේ ප්රධාන ග්රහලෝක 8කින්. ඉස්සර නම් 9යි දැන් 8යි. මොකද ප්ලුටෝ නමින් හදුන්වන ග්රහවස්තුව තව දුරටත් ග්රහවස්තුවකට සරිලන හැසිරීම් නොදක්වන නිසා. මොකද එම ග්රහයා වාමන ග්රහයෙක් වෙන නිසා. ඉතින් අපේ සෞරග්රහ මණ්ඩලයේ ප්රධාන සැකැස්ම පහත ආකාරයට පිහිටා තිබෙනවා. මුලින්ම තියෙන්නේ අපේ මව් තාරකාව එනම් සුර්යා. ඉන්පසු බුධ ග්රහයා පිහිටා ඇති අතර එයට පසුව සිකුරු ග්රහයා පිහිටා තිබේ. ඉන්පසුව ඇත්තේ අපේ ග්රහවස්තුවයි. එනම් ප්රුතුවියයි. පෘතුවියෙන් පසුව ඉතාමත් ආසන්න දුරකින් අගහරු පිහිටා ඇති අතර එය පෘතුවියට ආසන්නම ග්රහවස්තුවයි. එයින් පසුව ඇත්තේ ග්රාහක පටියයි. එනම් Asteroid Belt එකයි. මෙම ස්ථානයේ විශාල ග්රාහක කිහිපයක් සමන්විත වෙනවා. මෙම ග්රාහක ඉලිප්සාකාර මාර්ගයක කණ්ඩායම් වශයෙන් සුර්යා වටා ගමන් කරනවා. මෙම ග්රාහක නිර්මාණය වෙලා තියෙන්නේ අගහරු හා බ්රහස්පති අතර තිබු ග්රහවස්තුවක් පුපුරා යාම නිසා බවයි විද්යාඥයින් පවසන්නේ.
ඉන්පසුව ඇත්තේ අපේ බ්රහස්පති ග්රහයා. එනම් සෞරග්රහ මණ්ඩලයේ විශාලම ග්රහවස්තුව. ඊළගට පිලිවෙලින් සෙනසුරු යුරේනස් නෙප්චුන් ග්රහවස්තුන් දැකගන්න පුළුවන්. නෙප්චුන් ග්රහයාගෙන් පස්සේ තියෙනවා වල්ගා තරු කිහිපයක් සමන්විත කලාපයක්. එම කලාපය centaurs ලෙසින් හදුන්වනවා. සමහර වල්ගා තරු බ්රහස්පති තරම් විශාලයි. සමහර වල්ගාතරු සුර්යාට සමීප වෙන කාලවලදී තමයි අපිට අහසේ වල්ගා තරු දැකගන්න පුළුවන් වෙන්නේ. වල්ගාතරු ඇසට පෙනෙන්නේ එහි තිබෙන අයිස් වලින් සැදුනු ප්රදේශය එනම් එම වලිගය සුර්යාලෝකය පරාවර්තනය කරන නිසාවෙන්.
ඊටපස්සේ හමුවෙන්නේ කුයිපර් බෙල්ට් නමින් හදුන්වන ප්රදේශයයි. මෙම ප්රදේශයේ තමයි සෞරග්රහ මණ්ඩලයෙන් නෙරපා දමන ලද ප්ලුටෝ ඉන්නේ. මේ ප්රදේශයේ විශාල ප්රමාණයෙන් කුඩා ග්රහවස්තුන් දැකගන්න පුළුවන්. කොච්චර පොඩිද කිව්වොත් අපේ හද තරම් වත් ලොකු නැති ග්රහලෝක තමයි තියෙන්නේ. සමහර ඒවා තාමත් අධ්යයන මට්ටමේ පවතිනවා. ගොඩක් ග්රහවස්තුන් පාෂාණ හා අයිස් වලින් තමයි සමන්විත වෙන්නේ. හැබැයි මේ ප්රදේශයේ කිසිම වායුමය ග්රහවස්තුවක් වාර්තා වෙලා නම් නෑ. මේ හරියෙත් වල්ගා තරු හා ග්රාහක විශාල ප්රමාණයක් දැක ගන්න පුළුවන්. ඒ වගේම සුර්යාට ඇතින්ම පිහිටා තිබෙන ග්රහවස්තුව වන එරිස් ග්රහවස්තුවද පිහිටා ඇත්තේ මේ කලාපයේ. නමුත් මෑතකදී සොයා ගන්නා ලද තොරතුරු වලට අනුව මෙම ග්රහයාටත් වඩා ඈතින් වෙනත්වාමන ග්රහවස්තුවක් පිහිටා තිබෙන බව සොයාගෙන තිබෙනවා. එය 2018 VG18 ලෙසින් නම් කර තිබෙනවා. මේ හරියට වෙනකොට සුර්යාගේ ආලෝකය ගොඩක්ම අඩුවෙන් තමයි දැනෙන්නේ. ඇත්තම කිව්වොත් දැනෙන්නෙම නැති තරම්.
එයින් පසුව පිහිටා තිබෙන්නේ heliosphere නමින් හදුන්වන ප්රදේශයකි. මෙහි සුර්යා විසින් නිර්මාණය කරන ලද විද්යුත් ආරෝපිත වායු කදම්භයක් දැක ගත හැකිය, එය ලබා දී ඇති පින්තුරය මගින් ඔබට දැක ගත හැකිය. මේ ප්රදේශයේ වනවිට සුර්යාගේ සුලන් හා සූර්ය රශ්මි දාරා පැමිණීම අවසන් වේ, නමුත් මේ ස්ථානයෙන් සෞරග්රහ මණ්ඩලය අවසන් නොවේ. සෞරග්රහ මණ්ඩලය අවසන් වෙන ස්ථානය වන්නේ ort cloud නමින් හදුන්වන ප්රදේශයෙන්. මෙම ස්ථානය අයිස් වලින් සැදුම් ලද වලාකුළු වැනි ස්ථානයකි. මෙහිද වල්ගා තරු හා ග්රාහක විශාල ප්රමාණයකින් දැක ගන්න පුළුවන්. මෙම ස්ථානය ආරම්භයේ සිට Astronomical Unit 2000 සිට ලක්ෂ දෙකක් තරම් දුරකට පැවතෙනවා. ඉතින් හිතාගන්න පුළුවන් නේද සෞරග්රහ මණ්ඩලය කොච්චර නම් විශාලද කියලා.
මේ post එකෙන් යම් දැනුමක් ඔබ ලබාගත්තා නම් ඔබගේ මිතුරන් අතරේ share කරන්න.

No comments

Powered by Blogger.