සුදු වාමන තාරකාවන් - White Dwarf Stars


මේ විශ්වයේ තිබෙන තාරකා අතරින් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ සුදු වාමන තාරකා හා රතු වාමන තාරකා. විද්‍යාඥයින් පවසන අන්දමට රතු වාමන තාරකා විශාල ප්‍රමාණයක් විශ්වයේ තිබෙනවා. ස්කන්ධයෙන් විශාල හා ප්‍රමාණයෙන් විශාල තාරකා අවසන් ගමන් යන අවස්ථාවේදී විශාල ප්‍රදේශයක් විනාස කර දමමින් සුපර්නෝවා පිපුරුමක් ඇතිකරන බව හා ඉන්පසු එම තාරකාවේ මධ්‍යය කළු කුහරයක් වන බව අපි කලින් ලිපියක් මගින් ඔබට සදහන් කරා. නමුත් මේ සිදුවීම සියලුම තාරකාවලට අදාළ වන දෙයක් නොවේ. තාරකාවක අවසානය සුදු වාමන තාරකාවක් බවට පත්විමෙන්ද අවසන් විය හැක. අද පොස්ට් එකෙන් සුදු වාමන තාරකා පිලිබදව අධ්‍යයනය කරමු.

සුදු වාමන තාරකාවක් විශ්වයේ බොහෝ කලක් පවතින දෙයකි, ඇත්තම කිව්වොත් සුදු වාමන තාරකාවක් කියන්නේ කළු කුහරයක් වෙන්න තරම් ස්කන්ධයක් නොමැති තාරකාවක් මිය ගිය පසු, ඉතිරිවෙන තාරකා මල සිරුරකටයි. ස්කන්ධයෙන් හා ප්‍රමාණයෙන් වැඩි තාරකාවන් අවසානයේ කළු කුහර වෙන අතර ස්කන්ධය අඩු තාරකාවන් අවසානේ සුදු වාමන තාරකාවන් බවට පත්වී අවසන් ගමන් යයි. මන්ද සෑම තාරකාවකටම සුපර්නෝවා එකකින් අනතුරුව කළු කුහර බවට පත්විය නොහැක, බොහෝ ඒවා සුදු වාමන තරු බවට පත්වීම සිදුවනු ඇත. අපි අපේ සුර්යාව උදාහරණයට ගෙන මෙය පැහැදිලි කරගැනීමට උත්සහ කරමු.

අපගේ සුර්යා යනු මධ්‍යම ප්‍රමාණයේ තාරකාවකි. නාසා ආයතනයේ නිල වෙබ් අඩවියේ පවසන ආකාරයට අනුව සුර්යා යනු මෙම විශ්වයේ පවතින තාරකා අතරින් ඉතාම කුඩා තාරකාවක්. යම් දිනක අපෙ සුර්යාගේද සියලුම හයිඩ්‍රජන් පිරිහී යනවා එවිට සුර්යා විසින් හීලියම් දහනය කර ඉතාමත් ප්‍රබල මෙන්ම බර මුල ද්‍රව්‍යන් නිපදවනවා, ඉන් අනතුරුව එහි අතුරු ප්‍රථිපලයක් ලෙස අපේ සුර්යාගේ පිටත ස්තරය ප්‍රබල ලෙස ප්‍රසාරණය වීමකට ලක්වෙනවා. එවිට අපගේ සුර්යා කොතරම් විශාල වෙනවාද කිව්වොත් සූර්යා අගහරු ග්‍රහයාගේ කක්ෂය දක්වාම  විශාල වෙනවා. එවිට අපෙ පෘථිවියත් අවසන් ගමන් ගිහින් තිබේවි. කෙසේ වෙතත් අවසානයේ සුර්යා ප්රාසාරණය වී පුපුරා යනවා. නමුත් එය සුපර්නෝවා පිපිරීමක් නොවන අතර ඉතා සුළු පිපිරීමක් බව මතක තබා ගන්න. කෙසේ වෙතත් සුර්යාට සුපර් නෝවා පිපිරුමක් ඇති කරමින් කළු කුහරයක් බවට පත්වීමට නම් සුර්යා පවතින ප්‍රමාණයට වඩා 20 ගුණයක් පමණ විශාල විය යුතු බව නාසා ආයතනයේ නිල වෙබ් අඩවියේ සදහන් කර තිබුණා.

මේ සියල්ල අවසානයේ ඉතිරි වෙන්නේ සූර්යා කලින් හයිඩ්‍රජන් නිපදවපු සූර්යාගේ මධ්‍යය ප්‍රදේශය විතරයි එනම් කේන්ද්‍රය කොටස වේ. එම කොටස ඉතාමත් කුඩා කොටසක් වෙන අතර ආසන්න වශයෙන් පෘතුවියට වඩා සුළු ප්‍රමාණයක් විශාල වේ. අවසානයේ මෙම ඉතිරි වූ කේන්ද්‍රය සුදු වාමන තාරකාවක් ලෙසින් හදුන්වා දිය හැකිය. එය තාරකා මල සිරුරු ලෙසින්ද හදුන්වනු ලැබේ. එය කුඩා තරුවක් නිසා එය අසල ග්‍රහවස්තුවක් පිහිටා තිබුනොතින් එම තාරකාව රාත්‍රී අහසේ චන්ද්‍රයා සේ එම ග්‍රහලොවට පෙනෙවී. මොකද සුදු වාමනයෙකුගේ ආලෝකය ඉතාමත් අඩු නිසා.

ඒ වගේම තාරකාවක් සුදු වාමන තාරකාවක් බවට පත්වීමෙන් අනතුරුව විශාල ගුරුත්වයක් පෙන්නුම් කරනු ලබනවා. නිකමට වත් අපි අභ්‍යවකාශ යානයක නැගී ඒ දෙසට යන්න ගියොත් අපේ යානය නුඩ්ල්ස් සේ මිරිකී ඇබරී යනවා. ස්කන්ධය ගැන කතා කලොත් අපේ බර 4 හෝ 5 ගුණයකින් වැඩිවී දැනෙනවා. ඔබට එම තාරකාව අසලට ගොස් අඩුම තරමෙ ඇදුමක් වත් ඇද සිටීමට බැරි වේවි. මොකද ප්‍රබල ස්කන්ධය නිසා ඇදුමේ බරටම ඔබ මිය යන්න පුළුවන්. උදාහරණයක් ලෙස අතට වැලි අහුරක් ගත්තොත් ඔබට එය ටොන් ගණනක් ඉස්සුවා සේ දැනෙයි. සුදු වාමනයෙක් අසලද ග්‍රහලෝක පවතින්න පුළුවන්. බොහෝ විට ජීවයක් පවතින ග්‍රහ වස්තුන්ද පිහිටා තිබෙන්න පුළුවන්. මේ වනවිට පෘතුවියට සමාන ග්‍රහ්වස්තුන් කිහිපයක් සොයාගෙන තිබෙනවා, ඒ අතරින් සුපිරි පෘතුවි කිහිපයක් පිහිටා ඇත්තේ සුදු වාමන තාරකාවක් ආසන්නයේ බව විද්‍යාඥයින් පවසා තිබෙනවා. තවද Trappist 1 නමින් හදුන්වන තාරකාවක් වටා පෘතුවියට සමාන ග්‍රහවස්තුන් 7ක් සොයාගෙන තිබෙනවා.

අවසාන වශයෙන් කියන්න ඕනේ, සුදු වාමන තාරකාවන් තමයි විශ්වයේ පවතින ප්‍රබලම උෂ්ණත්වයක් පවතින වස්තුව වන්නේ. එය සාමාන්‍ය තරුවක් (සුර්යා) මෙන් 40 හෝ 50 ගුණයකයට වඩා උෂ්ණත්වයෙන් වැඩියි. නමුත් මෙම වස්තුන්ගේ උෂ්ණත්වය පිටතට පැමිණෙන්නේ නැ, මොකද එහි උෂ්ණත්වය ඇතුලේ ස්ථානගතවී තිබෙන නිසා එලියට උෂ්ණත්වයක් පැමිණෙන්නේ පිටත ස්ථරයෙන් පමණයි. එම නිසා සුදු වාමන තාරකාවක්ද මියයන්න විශාල කාලයක් යනවා. කෙසේ වෙතත් විශ්වයේ අවසන් වෙන විටත් විශ්වයේ පවතින අවසන් ආලෝකය වන්නේද සුදු වාමනයින්ගේ ආලෝකය පමණයි. අවසානයේ අපිට ගත හැකි දෙය නම් සියලු දේ අනිත්‍ය බව නොවේද. විශ්වයම අනිත්‍ය නම් මිනිස් සංහතිය ගැන කවර කතාද.

මෙම පොස්ට් එකෙන් ඔබ යම් දැනීමක් ලබා ගත්තානම් ඔබගේ යාලුවන්ටත් බලන්න මෙය share කරන්න. එමෙන්ම සුදු වාමන තාරකාවන් ගැන ඔබගේ අදහස් අපට කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ස්තුතියි!
#Admin

1 comment:

Powered by Blogger.